15 August, 2016

සංගීත උන්මාදයෙන් අයියා, නංගීව පැහැරගෙන ගේ පිටිපස්සේ ඉඳන් කරපු කැත වැඩේ

සංගීත කණ්ඩායමක් තැනීමේ අරමුණින් මුදල් ලබාගැනීම සඳහා තම පියාගෙන් කප්පම් මුදල් ඉල්ලූ තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචි චතුර මධුසඛ නමැති මෙම සැකකාර තරුණයා පසුගිය දිනක සංගීත තරගයක් නැරඹීමට ගොස් ඇති අතර ඊට පසුව ඇතිවූ දැඩි ආශාවක් නිසා සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමට පියගෙන් මුදල් ඉල්ලා තිබෙනවා.

නිරන්තරයෙන් පියාට කරදර කරමින් ඒ සඳහා මුදල් ඉල්ලා සිටියත් එය සාර්ථක නොවූ නිසා අම්මාගෙන්ද ලක්ෂ 7 ක මුදලක් ඉල්ලා තිබෙනවා.

ඒ කිසිවක් සාර්ථක නොවූ නිසා ඔහුගේ 14 හැවිරිදි වියේ පසුවන නංගීව පැහැරගැනීමකට කැමති කරවාගත් 18 හැවිරිදි මෙම තරුණයා නංගීව මිතුරියකගේ නිවසේ සඟවා තිබෙනවා.

18 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයා පසුව කටහඬ වෙනස් කරමින් නිවසේ පිටුපස සිට පියාට දුරකථන ඇමතුමක් ලබාදී ලක්ෂ 7 ක මුදලක් ඉල්ලා නිර්නාමික ඇමතුම් ලබාදී තිබෙනවා.

දියණිය පැහැරගෙන ඇති බව දැනගත් පියා අසනීප වී ඇති අතර ගම්පහ පොලිසියේ පැමිණිල්ලක්ද දමා තිබෙනවා.

එදින රාත්‍රි කාලයේ පියාට හෘදයාබාධයක්ද වැලදී ඇති අතර එය දියණියට සැලවූ වහාම අනුකම්පා සිතී තම තාත්තාව බැලීම සඳහා නිවසට යායුතු බව පවසා මිතුරියගේ උදව්වෙන් ඇය ගොස් තිබෙනවා.

දියණිය පැමිණීමෙන් පසුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙය සිය සොයුරාගේ කුමන්ත්‍රණයක් බව සොයාගෙන තිබෙනවා.

පසුව මෙම නංගී සහ අයියා පොලිස් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ලක්ෂ 7 ක කප්පම් මුදලක් ඉල්ලු සැකකාර පුත්‍රයාට රුපියල් 10,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත ඔවුන්ව මුදාහැර තිබෙනවා.



Son asks for ransom from father

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංගීත උන්මාදයෙන් අයියා, නංගීව පැහැරගෙන ගේ පිටිපස්සේ ඉඳන් කරපු කැත වැඩේ"

    Post a Comment