15 August, 2016

වල් ඌරෙක් වළදැම්මා කියා තරුණියක් වළදාලා

ඇහැළියගොඩ, පලියගොඩ පැත්තේ කුලී නිවසක 24 හැවිරිදි කාන්තාවක් තරුණයෙක් එක්ක ජිවත් වෙලා. 

දෙන්නම ඒ පැත්තේ ඇඟලුම් කම්හලක සේවය කරන අය. 

පහුගිය දවසක දෙන්නා අතර ඇතිවුණු රණ්ඩුවක් දුරදිග ගිහින් මේ තරුණයා කාන්තාව ගෙළ මිරිකා ඝාතනය කරලා.

පස්සේ එයාගේ මළ සිරුර කිලෝමීටරයක් පමණ දුර තියෙන තරුණයාගේ මාමාට අයිති වත්තක වළඳලා. 

පසුව මේ තරුණයා මාමාට කෝල් කරලා කියලා තිබුණේ මැරුණ වල් ඌරෙක් වත්තේ වළදැම්මා කියලයි. 

නරක් වෙද්දී ගද එන්න පුළුවන් නිසා තව ටිකක් පස් දාලා වළ වහලා දාන්න කියලයි එයා මාමාට කියලා තියෙන්නේ.

මේ ගැන සැකකළ මාමා ඒ කියපු තැන පරික්ෂා කරද්දී තමා ගෝනියක දාලා තිබුණ කාන්තාවගේ මළසිරුර දැකලා තියෙන්නේ. 

වහාම ඇහැලියගොඩ පොලිසිය ඇවිත් පරීක්ෂණ ආරම්භ කළා,

මේ සිද්ධියෙන් පස්සේ ප්‍රදේශයෙන් පලාගොස් සිටි මේ තරුණයා පස්සේ ඇහැළියගොඩ පොලිසියට බාර වුණා. 

එයා පොලිසියට කිවුවේ මේ කාන්තාව රණ්ඩු වුණු වෙලාවක තමන්ට පිහියෙන් අනින්න ආපු නිසා ගෙළ මිරිකා මරා දැම්මා කියලයි.





Lady Murdered At Eheliyagoda 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වල් ඌරෙක් වළදැම්මා කියා තරුණියක් වළදාලා"

    Post a Comment