15 August, 2016

ඔලිම්පික් සැණකෙළියේදී චීන ක්‍රීඩකයකුගෙන් ක්‍රීඩිකාවකට මංගල යෝජනාවක්

ලොව ඕනෑ ම දේශයකින් බිහි වන ක්‍රීඩකයෙකුට සහ ක්‍රීඩිකාවකට සිය රට වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා දීමට හැකි නම් එය කෙතරම් අගනේ ද?

සිව් වසරකට වරක් පැවැත්වෙන ලොව සුවිශේෂී ම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දුක් කඳුළු මෙන් ම සතුටු කඳුළු ද වැගිරෙන එකම ස්ථානයක් බවට පත්වන සුවිශේෂී ස්ථානයකි.

පදක්කම් සිහිනය සැබෑ කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සතුටු කඳුළු හමුවේ එම සිහිනය බොඳව යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කඳුළු මෙම ක්‍රීඩා සැණකෙළියේ සුලභ දසුනකි.

එහෙත් ලොවක් බලා සිටින ඔලිම්පික් සැණකෙළියකදී ක්‍රීඩකයෙකු විසින් ක්‍රීඩිකාවකට ප්‍රසිද්ධියේ ම මංගල යෝජනාවක් සිදු කිරනු ලැබීමේ ප්‍රවෘත්ති අපට අසන්නට නොලැබෙන තරම් ය.

එහෙත් මෙවර බ්‍රසීලයේ රියො ද ජැනයිරෝ ඔලිම්පික් උළෙළෙන් එවැනි පුවතක් වාර්තා වී තිබේ.

ඒ මීටර් 3 කාන්තා කිමිඳුම් ඉසව්වේ ජයග්‍රාහිකාවන්ට පද්දක්කම් ප්‍රදානය කරන අවස්ථාවේ චීන ක්‍රීඩකයෙකු එම තරගයේ රිදී පදක්කම් හිමි කර ගත් චීන ජාතික ක්‍රීඩිකා හී සී ට මංගල යෝජනාව සිදු කර තිබීම ය.

විවාහ යෝජනාව ඉදිරිපත් කළ චීන ජාතික ක්‍රීඩක කිං කායි ද පසුගිය සතියේ පැවැති මීටර් 3 කිමිදුම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.

මෙම අවස්ථාවේ අදහස් පළ කරමින් අදාළ ක්‍රීඩිකාව පවසා ඇත්තේ, අවුරුදු 6ක් තිස්සේ පෙම්වතුන් ව සිටියත් ලෝකයක් ඉදිරියේ ඔහු තමාට මෙලෙස යෝජනාවක් ගෙනෙනු ඇතැයි, තමා කිසිවිටෙක නොසිතූ බව ය.

එහෙත් තම ඉතිරි ජීවිත කාලයේ තමාගේ විශ්වාසවන්ත සහකරු ලෙස ඔහු පිළිගැනීමට තමා සූදානම් බව ද ඇය එහිදී පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවී ඇති අතර ඇතැමුන් පවසා ඇත්තේ, මෙම සිදුවීම හේතුවෙන් හී සීහි ඔලිම්පික් පදක්කම දිනා ගැනීමේ සුවිශේෂී අවස්ථාව යටපත් වූ බව ය.





















Marraige Proposal While Olympic

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔලිම්පික් සැණකෙළියේදී චීන ක්‍රීඩකයකුගෙන් ක්‍රීඩිකාවකට මංගල යෝජනාවක්"

    Post a Comment