15 August, 2016

මම ඇමතිවරු කිහිප දෙනෙක්ම ඇසුරු කරනවා - ගයේෂා පෙරේරා

- ඔය කතා පතුරවන්නේ නිළියක් නොවන නිළියක්..

ගයේෂා පෙරේරා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.

රංගනය නිසා වගේම දේශපාලන සිද්ධිවලිනුත් ගයේෂා ගැන එක එක කතා පසුගිය කාලේ පැතිරෙන්න පටන් ගත්තා.

මේ දේවල් ගැනත් ගයේෂාගේ අලුත්ම විස්තර ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

ගයේෂා දැන් කාර්යබහුලයි වගේ?

මේ දවස්වල නාට්‍ය තුනක විතර වැඩ කටයුතු කරන නිසා කාර්යබහුලයි.

දැන් පුංචි තිරයට අවධානය වැඩිද?

මගේ උපාධියේ වැඩකටයුතු නිසා මම ටෙලිනාට්‍ය භාරගත්තේ නැහැ. මට ඒ වෙනුවෙන් කාලයක් තිබුණේ නැහැ. ඒත් දැන් මගේ දේශපාලන උපාධියේ අධ්‍යාපන කටයුතු ඉවර නිසා ආයෙත් සුපුරුදු වැඩ ටික පටන් ගන්නවා.

පසුගිය දවසක ගයේෂගේ අලුත්ම වාහනේ ඇක්සිඩන්ට් වුණාලු නේද?

ඔව්.. මගේ මහත්තයව දාලා එද්දි වාහනේ හැප්පුණා.

ගයේෂා ඒ ගැන ගොඩක් දුක් වුණා කියලත් ආරංචියි?

ඒ ගැන දුක හිතුණා. මම හස්බන්ඩ් වාහනේ ගෙනියද්දී වාහනේට හීරීමක්වත් වෙන්න දීලා නෑ. වෙන කෙනෙක්ට වාහනේ ගෙනයන්න දුන්නේ ඇයි කියලා.

ඇමැතිවරයෙක් එක්ක තියෙනවා කියන වැඩි ඇයි හොඳයිය මොකක්ද ගයේෂා?

මම ඇමතිවරු හුගක් දෙනෙක් ඇසුරු කරනවා. ඔය කියන්නේ මොන ඇමතිවරයා ගැනද.. ?

දුමින්ද දිසානායක ඇමැතිවරයා ගැන?

දුමින්ද ඇමතිතුමා මගේ මහත්තයගේ ළගම මිතුරෙක්. ඉතිං එයා අපිට ඇමතිවරයෙක් වගේ නෙවේ මිතුරෙක් විදිහටයි පේන්නේ. ඔය කතා පතුරවන්ටන් නිළියක් නොවන නිළියක් විසින්.

ඒ හිතවත්කම ප්‍රයෝජනයට අරන් සැමියාගේ බිස්නස්වලට සහාය ගන්නවාලු නේද?

මගේ මහත්තයාගේ බිස්නස් එයා කරන්නේ එයාගේ ඔළුවෙන්. ඒ බිස්නස් දේශපාලනය ගෑවෙන බිස්නස් නෙවෙයි. හැබැයි මගේ සැමියා දේශපාලනඥයෝ ආශ්‍රය කරනවා. ඔවුන් ආශ්‍රය කරන්නේ මිතුරෝ විදියට විතරයි.

ජීවිතේ හැමදේම සාර්ථකයි කියලා හිතනවද.. ?

ඔව්. මම බිරියක්, දියණියක් විදියට සාර්ථකයි. මම වැඩිම සම්මාන ගණනක් රටට ගෙනාපු රූ රැජන බවට පත්වෙලා තියෙනවා. මම රංගනයෙන් සාර්ථකයි. මම ගෙදරට රටට වැඩදායී කෙනෙක්. ඒ නිසා මම සාර්ථකයි.

විවාහක රූ රැජන වෙන්න අදහසක් නැද්ද?

තාම එහෙම අදහසක් නෑ. දැනට මම දිනලා තියෙන සම්මාන එක්ක මට ලෝක රූ රැජන තරගයකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒවා හරිම කාලෙදි කරන්න ඕනෑ. 

ඉතින් ගයේෂටත් ඒ වගේ තරගයකට යන්න අදහසක් නැද්ද?

මට එහෙම යන්න බලාපොරොත්තුවක් නෑ. මොකද මම මිස් තරගාවලිවලින් ජාත්‍යන්තරයට ගිහින් ජයගත්තා. මිස් තරගවලින් ජයගන්න බැරි වුණ අය තමයි මිසිස් තරගවලින් ජයගන්න හදන්නේ.

ගයේෂා හොඳ දියණියක් වුණා. හොඳ බිරියක් වුණා කිව්වනේ. හොඳ මවක් වෙන්න අදහසක් නැද්ද?

ඒ දේවලුත් නියමිත කාලෙදි සිද්ධ වෙයි. හොඳ මිනිසුන්ගේ ජීවිත හොඳ පැත්තට යනවනේ. ඒ නිසා මගේ ජීවිතෙත් ඒ හැම දෙයක්ම හොඳින් වෙයි.

සැමියත් එක්ක අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නත් යනවලු නේද?

හස්බන්ඩ් තව අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නේ. මටත් පුළුවන් විදියට එයාට උදවු කරනවා.


I associate several ministers - Gayesha Perera 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම ඇමතිවරු කිහිප දෙනෙක්ම ඇසුරු කරනවා - ගයේෂා පෙරේරා"

    Post a Comment