16 August, 2016

ටිකක් බැලුවත් තිගැස්සෙන Raaz 4 ළඟදීම

රාස් කියන්නේ ඉන්දියාවේ වගේම ලංකාවේ ප්‍රේක්ෂකයන් අතරත් ගොඩක් ජනප්‍රිය වුණු චිත්‍රපට මාලාවක්.

රාස් 01 ලැබූ ජනප්‍රියත්වය නිසාම 02, 03 ලෙස තවත් චිත්‍රපට දෙකක්ම නිපැයුනා.

ඔන්න දැන් රාස් 04 ත් ළඟදීම එන්න හදන්නේ.

මේ අවුරුද්දේ සැප්තැම්බර් 16 තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ.

වික්‍රම් බාත්ගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ බොලිවුඩයේ සුපිරි නළු ඉම්රාන් හෂීම් රංගනයෙන් දායක වනවා.

ඒ වගේම තෙලිඟු සිනමාවේ රංගන ශිල්පිනියක් වන ක්‍රිටි කර්බන්ඩා හා බොලිවුඩයට නවක තරුවක් වන ගෞරව් ආරෝරාත් මෙහි විශිෂ්ඨ රංගනයක නිරත වනවා.

සංගීත නිර්මාණය කර ඇත්තේ ජීත් ගන්ගුලි විසින්.

තිර රචනය වික්‍රම් බාත් සමගින් මහේෂ් බාත්.






Raaz 4 : Reboot - Coming Soon  

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටිකක් බැලුවත් තිගැස්සෙන Raaz 4 ළඟදීම"

    Post a Comment