පාදුක්ක මලගල මාර්ගයේ මලගල ප‍්‍රදේශයේදී මාර්යේ ධාවනය වුනු ජීප් රථයක ප‍්‍රතිවිරුද්ධ පැත්තෙන් අධික වේගයෙන් ආපු යතුරු පැදියක් ගැටිලා එහි ගමන් ගත් යතුරු පැදිකරු ඒ ස්ථානයේදීම මිය ගිහිල්ලා කියලා පාදුක්ක පොලීසිය කියනවා.
සිද්ධිය වුනු ස්ථානයේ තිබ් මංගල උත්සවයකට ශබ්දවාහීනී යන්ත‍්‍ර රැගෙන ආපු ජීප් රථයක් මාර්ගයට ඇතුල් කරන කොට එක්වරම අධික වේගයෙන් ආපු යතුරුපැදියක් ජීප් රථයෙහි කෙළවරක ගැටී මාර්ගයෙන් ඉවතට පැනලා තාප්පයක ගැටී තියෙනවා.
මේ අනතුරට ලක්වුනු යතුරුපැදිකරු ආරක්ෂිත හිස් ආවරණ පැළදලා හිටියේ නැහැ කියලයි පාදුක්ක පොලිසිය කියන්නේ.
මේ අනතුරින් මියගිහිල්ලා තියෙන්නේ පාදුක්ක මලගල කෝරළඉම පදිංචි ශානුක රොෂාන් ජයවර්ධන නැමැති 19 හැවිරිදි තරුණයා.
අනතුර සිදු වූ ජීප් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට අරගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමියව තියෙනවා.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEig2s6pZZ7JyCGME0Bd_GTW7dnhLzJAjkeg_wyueNFER1gPnCtnIP9O_gEj8R_gaioKUJb4Dkc_pjXs2qqajQuR_2nv5sCgUdQwre5Wz0yMv0UGh_p6sAl6b6j02iKlycyslQDbZficWvWI/s1600/Bike+Accident+At+Padukka.jpg" imageanchor="1" style="clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;">

Bike Accident At Padukka
Share this
|
|
0 Comment to "අධික වේගය තරුණයෙක්ට පාදුක්කේදි ජීවිතේ නැතිකළ හැටි"
Post a Comment