16 August, 2016

ශ්‍රී ලාංකික ලිංගික සංක්‍රාන්තිකයින් ලොවටම හඬ නගයි

සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය විසින් පියවර ගත යුතුව ඇති බව “හියුමන් රයිට් වොච්” සංවිධානය පෙන්වා දෙනවා.

ඔවුන් විවිධ අපචාරයන්ට ගොදුරුවීමත්,ඔවුන්ව පහත්කොට සැලකීමටත්,එමගින් විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුවන බවත් එම සංවිධානය විසින් නිකුත් කරන ලද පිටු 63න් යුතු වාර්තාවක දැක්වෙයි.

සංක්‍රාන්ති ලිංගිකයින්ට රැකියා සඳහා ප්‍රවේශවීමේදී,නිවෙස තුළ මෙන්ම සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේදී හිතුවක්කාරී ලෙස බාධාකිරීම්,පහත්කොට සැලකීම් දිගින් දිගටම සිදුවන බව මෙම සංවිධානය කියා සිටියි.

සියලුම ශ්‍රී ලාංකිකයින්ට තම ලිංගික අනන්‍යතාව හෝ ලිංගික නැමියාව නොතකා පහත්කොට සැලකීමට හෝ අපචාරයට ලක්නොවී සිටීමට අයිතියක් පවත්නා බව මෙම වාර්තාවේ සංස්කාරක යුරාජ් ජෝසි පවසයි.

රජය විසින් මෙම ගැටළුවට ආමන්ත්‍රණය නොකරන තාක්කල් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව මෙම සංවිධානය අවධාරණය කරයි.

මෙම වාර්තාව සඳහා හියුමන් රයිට් වොච් සංවිධානය විසින් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික හා අතරමැදි ලිංගික පිරිස් 61 දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති බවත්, ඔවුන්ගෙන් අති බහුතරයක් පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වද්දී කායික හා මානසික වශයෙන් හිරිහැරයට ලක්වූ බව පිළිගෙන ඇති බවත් සඳහන්ය.

එසේම කිසිදු හේතුවක් නොමැතිව තමන් පොලීසිය විසින් රඳවාගෙන තබාගන්නා බවද මොවුන්ගෙන් අති බහුතරයක් පිරිස පෙන්වා දී තිබේ.

සංක්‍රාන්ති ලිංගික ස්ත්‍රීයක වූ 25 හැවිරිදි ෆාතිමා මෙම වාර්තාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත්තේ 2012 දී තමන් දාමරිකයන් පිරිසකගේ ගොදුරක් බවට පත්වූ බව හා එහිදී කිසිවෙකුත් තමාගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් නොවුණු බවයි.

ලිංගික විපර්යාසයන්ට භාජනය වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ලංකාවේ නිතිය පැහැදිලි නොමැති බවත්, හැඳුනුම්පත් ඇතුළු ජාතික ලියකියවිලි සකස් කර ගැනීමේදී ඔවුන් බලවත් අසීරුතාවට පත්වන බවත් හියුමන් රයිට් වොච් සංවිධානය කියා සිටියි.





Sri Lankan sexual transitions, setting out the world

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්‍රී ලාංකික ලිංගික සංක්‍රාන්තිකයින් ලොවටම හඬ නගයි"

    Post a Comment