15 August, 2016

මියගිය අධ්‍යාපන නිලධාරියාට දුම්රියේදී ‘ගල් පාරක් වැදුණු කතාව’ බොරුවක් – වැදුණේ ගල් කාලක්

දුම්රියේ ගමන් කරමින් සිටියදී පිටතින් එල්ල වූ ගල් පහරක් හිසේ වැදී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි බව කියන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන කේ.එල්. පුෂ්පකුමාර මහතා පසුගිය දා ජිවිතයෙන් සමුගත්තා.

කොළඹ සිට වව්නියාව දක්වා ගමන්ගත් නගරාන්තර සිඝ්‍රග්‍රාමී දුම්රිය ඔරුගොඩවත්ත පෙදෙස පසු කරනවාත් සමගම දුම්රිය මගීන් දෙසට එල්ල කළ ගල් පහරකින් ඔහුට තුවාල වූ බව මාධ්‍ය වාර්තා කළ ද ඔහුට පහර එල්ලවී ඇත්තේ හිස් අරක්කු කාලේ බෝතලයකින් බවයි මේවන විට වාර්තා වන්නේ.

දුම්රියේ තුන්වැනි පන්තියේ මැදිරියක වම්පසට වු කවුළුවක් අසල අසුනක ගමන් ගත් පුෂ්පකුමාර මහතාගේ වම් කණට මදක් ආසන්නයෙන් නළලේ පැත්තකට එම බෝතල් පහර වැදී ඇති අතර දුම්රිය නියාමකවරයා සිය කනගාටුව ප්‍රකාශ කරමින් ඉල්ලා ඇත්තේ කරුණාකාර ළඟම තිබෙන රාගම මහ රෝහලට හෝ ගම්පහ මහ රෝහලට අතුළත් වෙන ලෙසයි.

එහෙත් අත්‍යාවශ්‍ය රාජකාරි කටයුත්තක් නිසා කොළඹ පැමිණි පුෂ්පකුමාර මහතාට එක්වරම මතකයට නැගී ඇත්තේ පසු දිනයේ සිය දියණිය අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටින බව සහ උතුරු මැද පළාතේ අ.පො.ස. උසස් පෙළ විභාග කටයුතුවල සම්පුර්ණ වගකීම තම උරහිස මත පැටවී ඇති බවයි.

ඔහුගේ එකම පැතුම වී තිබුණේ සිය දියණිය මෙවර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වනු දැකීමයි.

ඔහුගේ දියණිය සිය පියාණන් වෙනුවෙන් මුළු අනුරාධපුරයම හඬවමින් විලාප නගමින් මේ වන විට කියන්නේ “අපේ තාත්තට අත් වුණ ඉරණම තවත් කාටවත් අත් වෙන්න ඉඩ තියන්න එපා.” යනුවෙනුයි.




Education officer died while travelling on train

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මියගිය අධ්‍යාපන නිලධාරියාට දුම්රියේදී ‘ගල් පාරක් වැදුණු කතාව’ බොරුවක් – වැදුණේ ගල් කාලක්"

    Post a Comment