25 August, 2016

සහදටම වැළලෙන්න ගිය ව්‍යාපාරිකයාගේ සිරුර අන්තිමේදී හමුවුණ හැටි

පසුගිය දවසක පැහැරගත්ත බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන් ඝාතනයට ලක්වෙලා.

සිරුර ඊයේ (24) රෑ හමුවුණේ මාවනැල්ල හෙම්මාතගම පාරේ රුකුලගම ප්‍රදේශයේ ඉඩමක තිබිලා.

හෙම්මාතගම පාරේ වැඩ කරමින් හිටිය කම්කරුවකු ඉණි ටිකක් කපාගන්න ඒ ඉඩමට ගිය වෙලාවේ තමයි සිරුර දැකළා තිබුණේ.

'අපිත් එක්ක පාරෙ වැඩ කරන කෙනෙක් ඉණි කපන්න පාර අයිනෙම තියෙන ඉඩමට ගියා. 

එයා තමයි මේ සිරුර මුලින්ම දැකල තියෙන්නෙ. එයා මේ සිරුර දැකල බයවෙලා ටික වෙලාවක් සිහි නැතුව වගේ වැටිල ඉඳලත් තියෙනව. 

එතන මිනියක් තියෙනව කියල අපි දැනගත්තෙ එයාගෙන්. ඊට පස්සෙ එයා ගිහින් ඉඩම අයිති කෙනාට කියල තියෙනව. 

ඒ මහත්තය තමයි 119ට කතා කරල කියල තියෙන්නෙ. ඔය කියන ඉඩම තියෙන්නෙ පාර අයිනෙමයි. 

හැබැයි පාරෙ ඉඳල අඩි දහයක පහළොවක බෑවුමක් තියෙන්නෙ. අපිට කුණු ගඳක් දැනුනට අපි හිතුවෙ සතෙක් මැරිල කුණු වෙලා කියල. 

ඔය මිණිය තිබුණු තැනට පාර පළල් කරද්දි එකතුවෙන පසුත් ගෙනත් දාන තැනක්. එතනට තව පස් ටිපර් පහ හයක් දැම්මනම් මිනිය වැහෙනවා.'

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සහදටම වැළලෙන්න ගිය ව්‍යාපාරිකයාගේ සිරුර අන්තිමේදී හමුවුණ හැටි"

    Post a Comment