25 August, 2016

සද්දේ දැමූ වොනර්ගෙන් තිසර පලියට පලිය ගත් හැටි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟයෙන් ලකුණු 82 ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඊයේ තරඟය අතරතුරදී මෙන්ම තරඟයෙන් පසුවද සුවිශේෂි සිදුවීම් කිහිපයක් වාර්තා වුණා.

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් ෆෝක්නර් කඩලු ත්‍රිත්වයක් ලබා ගැනීම මෙන්ම, තවත් තරඟ කිහිපයක් ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සිය නායකත්වය ඩේවිඩ් වෝනර් හට භාරදී නැවත මව්රට බලායාමද එහිදී සුවිශේෂි වුණා.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වොනර් හා තිසර පෙරේරා අතර යම් ගැටුම්කාරි තත්වයක්ද ඇතිවූ බව පෙනෙන්නට තිබුණා.

මෙම සිදුවීමට මුල වූයේ ජේම්ස් ෆෝක්නර් යැවූ පන්දුවකට තිසර පෙරේරා දැවී යාමත් සමගයි.

ඔහු දැවී යන අවස්ථාවේ කඩුල්ල දවාගත් ජේම්ස් ෆෝක්නර් මෙන්ම ,එතැනට ආ ඩේවිඩ් වෝනර් තිසර වෙත යමක් කියනු පෙනුනා.

අනතුරුව දෛවයේ සරදමකට මෙන් ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරමින් පිටියට පැමිණි ඩේවිඩ් වොනර් දැවී යන්නේ තිසර පෙරේරාගේ පන්දුවකට දිනේෂ් චන්දිමාල් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි.

මේ අවස්ථාවේ ඩේවිඩ් වොනර් වෙත පැමිණෙන තිසර පෙරේරා යම් පරුෂ වචනයක් කියමින් ඔහුට බැණ වදින්නේ පලියට පලිය ගන්නා ලෙසිනුයි.

කෙසේ වෙතත් පසුගිය ටෙස්ට් තරඟ කිහිපයේදී ද ඕස්ට්‍රේලියානුවන් නොයෙකුත් දෑ පවසමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කුපිත කරන ආකාරය දක්නට ලැබුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න..





(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සද්දේ දැමූ වොනර්ගෙන් තිසර පලියට පලිය ගත් හැටි "

    Post a Comment