2012 වර්ෂයේ දී සිය දියණිය දූෂණය කිරීමේ චෝදනාව මත අදාළ පියා වන පී. එච්. සුගතදාස (54) නමැති පියකුට එරෙහිව නඩුවක් හම්බන්තොට අධිකරණයේ විභාග වන අතර එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම 24 වැනි දිනයේදී මෙසේ තිබූ අතර 23 වැනි දින රාත්‍රි 8 ට පමණ කඳසුරිඳුගම පිහිටි දියණිය ජීවත් වූ නිවසට පැමිණි ඇයගේ පියා තමන්ගේ ඇති සියලුම බඩු බාහිරාදිය අවශ්‍ය බව පවසා තිබේ.
අදාළ අයට අයත් ඇඳුම් පැළඳුම් හා ලියකියවිලි ලබාදෙන අතරතුර අදාළ පුද්ගලයා ගල්කටස් වර්ගයේ තුවක්‌කුවකින් තම දියණියට වෙඩි තබා
ඇත.

(දිවයින)
වෙඩි පහර උරහිස ප්‍රදේශයට වැදී ඇති අතර වෙඩි වැදුණු දියණිය හම්බන්තොට රෝහලට එම මොහොතේම රැගෙන ගොස් ඇත. වෙඩි තැබූ පියා පැනගොස් තිබේ. අදාළ පුද්ගලයා සොයා කතරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
මෙම වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කඳසුරිඳුගම පදිංචි තරුණියකි.
මෙම වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කඳසුරිඳුගම පදිංචි තරුණියකි.

(දිවයින)
Share this
|
|
0 Comment to "දියණිය දූෂණය කළ බව කියන පියා නඩු තීන්දුවට කළින් ඇයට කළ අපරාධය"
Post a Comment