24 August, 2016

බෝල්ට් එක්ක හිටිය තවත් කාන්තාවකගේ පින්තූර පෙලක් එළියට

උසේන් බෝල්ට් ගැන නම් කතා නවතින පාටක් නැහැ වගේ.

ඔන්න බෝල්ට් කාන්තාවක් එක්ක ඉන්න තවත් පින්තූර වගයක් අන්තර්ජාලයට එක් කරළා.

රාත්‍රී සමාජ ශාලාවක දී තමයි මේ කාන්තාව එක්ක බෝල්ට් ඉඳලා තියෙන්නේ.

රියෝ ඔලිම්පික් උළෙල අතරතුර විසි හැවිරිදි තරුණියක් එක්ක කාමරයක හිටිය පින්තූර කිහිපයක් නිකුත් වෙලා පැය 48ක් යන්නත් කළින් මේ පින්තූර ටික අන්තර්ජාලයට එක්වෙලා තියන එක විශේෂත්වයක්.

අද උදේම බෝල්ට්ගේ සොහොයුරිය ජමෙයිකානු මාධ්‍යට කියලා තිබුණේ උසේන් බෝල්ට්ගේ විවාහය ළඟදීම වෙනවා කියලයි.

ඒකට හේතුව බෝල්ට්ගේ මේ සෙල්ලක්කාර වැඩ කියලා තමයි ආරංචි වෙන්නේ.

ඔන්න මේ විදියට ගියොත් කොල්ලගේ කසාදේ තවත් ඉක්මන් වෙයි වගේ....






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බෝල්ට් එක්ක හිටිය තවත් කාන්තාවකගේ පින්තූර පෙලක් එළියට"

    Post a Comment