24 August, 2016

දුම්රිය නිදන මැදිරි තුල සීමාව ඉක්මවා ගිය ආදරවන්තයින් අත්අඩංගුවට

දුම්රිය ඇතුළේ අශෝබන විදියට හැසිරුණු යුවලක් ගැන කොටුව දුම්රිය ස්ථානයෙන් වාර්තා වෙනවා.

නෙදර්ලන්ත ජාතික තරුණ යුවළක් මෙහෙම හැසිරිලා තියෙන්නේ මඩකලපුව ඉඳලා කොටුව ආපු රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරි තුළ යි.

වැලිකන්ද දුම්රිය ස්ථානයෙන් තමයි මේ දෙන්නා දුම්රියට ගොඩ වෙලා තියෙන්නේ.‍

දෙන්නගේ හැසිරීම ගැන දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් අවවාද කළත් දෙන්නා වැඩේ නවත්තලා නම් නැහැ.

පස්සේ දුම්රිය මගීන්ගෙන් ද මේ දෙන්නගේ කැත වැඩේට දැඩි විරෝධයක් එල්ල වෙළා.

සිද්ධිය වෙච්ච දුම්රිය කොටුව දුම්රියපොළට ආවාට පස්සේ දුම්රිය ආරක්‍ෂකයන් විසින් මේ දෙන්නව පොලීසියට භාර දීළා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුම්රිය නිදන මැදිරි තුල සීමාව ඉක්මවා ගිය ආදරවන්තයින් අත්අඩංගුවට"

    Post a Comment