29 August, 2016

සමුගත් ඩිල්ෂාන් අවුරුදු 14දී ටීම් එකේ සිටි හැටි මෙන්න

ශ්‍රී ලංකා‍වෙන් බිහිවුණ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ටී.එම් ඩිල්ෂාන් එයාගේ එක්දින ජාත්‍යන්තර තරඟයක අන්තිම ඉනිම ක්‍රීඩා කළා.

ඒ ඕස්ට්‍රේලියාව එක්ක රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනයේ ඊයේ (28) තිබුණ තරඟයේදී.

මේ සුපිරි ක්‍රීඩකයාගේ, ඉස්කෝලේ යන කාළේ ක්‍රිකට් පුහුණුකරු වෙලා හිටියේ ප්‍ර‍වීණ මාධ්‍යවේදී රංජන් පරණවිතාන මහතා.

ඒ මහතා ඩිල්ෂාන්ගේ අතීතය ගැන මතක් කරමින් 1992/93 වසරේ කළුතර විද්‍යාලයේ 15න් පහළ කණ්ඩායමේ පින්තූරයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පලකරලා.

පරණ විතාන මහතා ඒ ගැන මෙහෙම කියලා තිබුණා.

"ඔය තරඟය පැවැත්වුණේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයෙදි.

කුරුණෑගල ශාන්ත ආනා සහ කළුතර විද්‍යාලය අතර තිබුණු මේ තරඟයේදී ඩිල්ෂාන් ක්‍රීඩා කළේ අවසන් පිතිකරු විදියට.

මේ තරඟයෙදි අපි ලකුණු 400ක් ගැහුව. මට මතකයි සංජීව වරුසමාන ලකුණු 140ක් ගත්ත.

ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම නියෝජනය කරපු සංජීව වරුසමාන සහ ප්‍රියංකර ද සිල්වාත් ඔය පිංතූරයේ ඉන්නව."


පින්තූරයේ පළවෙනි පේලියේ වම් පැත්තේ ඉන්නේ පස්සේ කාළෙක ලෝකෙම දැනගත්ත අපේ ඩිල්ෂාන්.





Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමුගත් ඩිල්ෂාන් අවුරුදු 14දී ටීම් එකේ සිටි හැටි මෙන්න"

    Post a Comment