29 August, 2016

සරුංගල් සැණකෙළියෙන් නොඑන ගමන් ගිය සචින්ත සහ අරුණ

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ අද දරුණු රිය අනතුරක් සිද්ධ වෙළා.

ජා-ඇළ පිවිසුම ගාව පාන්දර 1.00ට විතර තමයි අනතුර වෙලා තියෙන්නේ.

මීගමුවේ සරුංගල් සැණකෙළියකට සහභාගී වෙලා ආපහු ගෙදර යන ගමන් හිටිය තරුණයන් තුන්දෙනෙක් තමයි මේ විදියට අනතුරට පත්වෙලා තියෙන්නේ.

මේ අය ආපු මෝටර් රථය අධිවේගී පිවිසුමේ කණුවක හැප්පිලා දෙකටම කැඩිලා ගිහින්.

මේ අනතුර නිසා 24 සහ 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වෙළා.

ජා-ඇළ, කණුවන ප්‍රදේශයේ තමයි ඒ අය පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ.

බරපතළ විදියට තුවාල වුණ තවත් තරුණයෙක් රාගම රෝහලට ඇතුළත් කළාට පස්සේ කොළඹ ජාතික රෝහලට මාරු කර යවළා.








Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සරුංගල් සැණකෙළියෙන් නොඑන ගමන් ගිය සචින්ත සහ අරුණ"

    Post a Comment