29 August, 2016

රූ රැජින තරඟයේ ලිංගික අල්ලස් ගැන උදාරිගෙන් පියුමිට උත්තර

මේපාර තිබුණ විවාහක රූ රැජින තරඟගෙන් කිරුළ දිනාගත්තේ උදාරි පෙරේරා.

ඒත් උදාරි මේ තරඟය දිනුවේ වැරදි විදිහට කියන කතාවක් එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්තා.

සමහරු කියුවේ මේකෙදි ලිංගික අල්ලස් ඉල්ලුවා කියලයි.

පියුමි හංසමාලිත් මේ තරඟයට සහභාගී වෙලා හිටියනේ.

අන්තිමට පරාජය නිසා පියුමි වේදිකාවෙන් බැහැලා ගියා.

කොහොම හරි මේ ගැන උදාරි කියන්නේ මේ වගේ කතාවක්.

“මෝඩ විනිශ්චය මණ්‌ඩලයක්‌ නෙමෙයි එතැන හිටියේ.

ඔවුන්ට සමාජයේ තියෙන පිළිගැනීම නැතිවෙන විදිහේ තීරණයක්‌ ලබාදේවි කියලා මම කිසිලෙසකින් හිතන්නේ නැහැ.

එදා සහභාගි වුණ හැමෝම කිව්වේ ඔයාට ඇරෙන්න මේ කිරුළ කිසිම කෙනෙකුට සුදුසු නැහැ කියලා.

පියුමි කියන කතා හා මගේ කිරුළ අතර සම්බන්ධයක්‌ නැහැ. පියුමි නිතරම චෝදනා කරන්නේ සංවිධායකවරයාට. ඒවා මට අදාළ නැහැ.

මම බොහොම ගෞරවනීය විදිහට තරගයට ඉදිරිපත් වෙලා කිරුළ ලබාගෙන තියෙනවා. ඒක රැකගැනීම මගේ යුතුකමක්‌.

එයාට මොකද වුණේ මෙයාට මොකද වුණේ කියලා කතා කරන්න මට වුවමනා නැහැ. මම ඔය දේවල් දන්නේ වෙබ් අඩවි මගින්.

කවුරුත් මේ වෙනකං මගෙත් එක්‌ක මේ ගැන කතා කරලා නැහැ. පියුමිට මොකක්‌ හරි ප්‍රශ්නයක්‌ වෙලා තියෙනවා.

ඒ ගැන ඇය වෙබ් අඩවි ඔස්‌සේ කතා කරනවා. ඒක කිරුළට සම්බන්ධයක්‌ නැහැ.”


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රූ රැජින තරඟයේ ලිංගික අල්ලස් ගැන උදාරිගෙන් පියුමිට උත්තර"

    Post a Comment