28 August, 2016

එකදිගට සති දෙකක් අඳින්න පුළුවන් යට 'ඇඳුමක්' වෙළෙඳපොලේ

එකදිගට සති දෙකක් වුණත් අඳින්නට පුළුවන් යට ඇඳුමක් නිෂ්පාදනය කරළා.

පිරිමි කට්ටිය වෙනුවෙන් තමයි මේක හඳුන්වලා දීලා තියෙන්නේ.

විශේෂත්වය වෙන්නේ දුර්ගන්ධය වහනය වෙන්නේ නැතිව මේක සති දෙකක් වුනත් එකදිගට අඳින්න පුළුන් වන එකයි.

මේ යට කලිසම් හඳුන්වන්නේ ‘සිල්වර්එයා අන්ඩර්වෙයා’ කියලයි.

ඒවා හදලා තියෙන්නේ තනිකරම රිදී කෙඳිවලින්.

සාමාන්‍යයෙන් යට ඇඳුම් ගඳගහන්නේ දහඩිය නිසා ඇතිවන බැක්ටීරියාවල කි‍්‍රයාකාරිත්වය හින්දයි.

ඒත් මේ රිදී කෙඳි එහෙම හටගන්න බැක්ටීරියා නැති කරනවා.

මේ යට ඇඳුම් හැදුව වයි ඇත්ලටික්ස් සමාගම කියන්නේ සතියකට මේ වර්ගයේ යට කලිසම් දෙකක් විතරක් හොඳටම ඇති කියලයි.

ඒ වගේම ඒවා සාමාන්‍ය පිරිමි යට කලිසම් වගේ මේවා ඉක්මනට ඇකිලෙන්නෙත් නැහැ.

මේ කලිසම් ජෝඩුවක් ඇමරිකානු ඩොලර් 29ක හඳුන්වා දීමේ සහන මිලකට මේ දවස්වල වෙළඳපොළේ තියනවා.




Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එකදිගට සති දෙකක් අඳින්න පුළුවන් යට 'ඇඳුමක්' වෙළෙඳපොලේ"

    Post a Comment