28 August, 2016

බෝල්ට්ගේ ලීක් වුණ පින්තූර ගැන පෙම්වතිය කට අරියි

රියෝ ඔලිම්පික් උළෙ‍ලේ සුපිරිතම ධාවකයා වුන ජැමෙයිකානු කඟවේනා උසේන් බෝල්ට්, බ්‍රසීල තරුණියක් එක්ක රාත්‍රිය ගත කළ කථාව ඔබට මතක ඇති.

ඊට පස්සේ ජෙඩී ඩුරේට් නම් වූ ඒ තරුණිය ෆේස්බුක් එකට ‍නිකුත් කළ පණිවිඩයකින් බොල්ට් ලොකු අමාරුවක වැටුණා.

ඒ ෆේස්බුක් පණිවඑිඩයෙන් කියලා තිබුණේ ලෝප්‍රකට පුද්ගලයෙක් එක්ක ඇය රාත්‍රියක් ගතකළ බවයි.

පින්තූරත් එක්කම තමයි පණිවිඩය නිකුත් කරළා තිබුණේ.

බෝල්ට්ගේ පෙම්වතිය දින ගාණක් යනකං මේ පිනතූර ගැන මුකුත්ම කියුවේ නැහැ.

කොහොම වුණත් කෙසී පසුගියදා ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයකින් මේ ගැන එයාගේ අදහස් කියළා තිබුණා.

බෝල්ට් තමා රවටා ඇති බවයි එයා ඒකෙන් කියළා තිබුණේ.

මේ පින්තූර ඇත්තද කියලා එයා දන්නේ නැති වුනත් බොරුයි කියළා හිතන්න ඉක්මන් වෙන්නේ නැහැ කියලා තමයි එයා කියලා තියෙන්නේ.

බෝල්ට් ට කේසි යවපු කෙටි පණිවිඩයකුත් එයා අන්තර්ජාලයට මුදාහැරළා.

'ඔබ එක රැයකට සුරදූතියකගේ පහස සෙව්වද සියල්ල ඔබට එලෙස සමීප නොවනු ඇත' කියලා තමයි ඒකේ තියෙන්නේ.







Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බෝල්ට්ගේ ලීක් වුණ පින්තූර ගැන පෙම්වතිය කට අරියි"

    Post a Comment