13 July, 2016

බස් ගාස්තු 6% වැඩිවෙයි - සල්ලි නොදී බස්වල යන්න හොඳම ක්‍රමය මෙන්න

ලංකාවේ ඉන්න  ජනතාවගෙන් වැඩි පිරිසක් ගමන් බිමන් යන්නේ අනිවාර්යයෙන්ම බස් රථයෙන්. මේ බස් වල ගමන් ගන්නා වැඩි පිරිසක් තමන්ගේ රාජකාරිය සඳහා අනිවාරියයෙන්ම උදේ සවස පොදු මගී ප්‍රවාහන බස් රථ උපයෝගි කර ගන්නවා.

කොහොම වුණත් කොයි කවුරුත් දන්න කාරණයක්නේ බස්වල යන හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි මාරුකාසී ප්‍රශ්නය. තමන් ගමන් ගන්නා බස් රථයේ කොන්දොස්තර මහතාට මුදල් ලබා දුන්නාම ඉතිරි රුපියල හෝ දෙක තමන්ට ලබා දෙන්නේ ඉතාමත් කලාතුරකින්.

කොහොම හරි එදිනෙදා බස්වල ගමන් ගන්නා මගීන්ට දැන් මුදල් ඉතුරු කර ගන්න හොඳම ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය ළඟදී හදුන්වා දුන් එකක් නම් නෙවෙයි දැන් ටික කාලයක ඉදළා තමයි මේක ලංකාවට හඳුන්වලා දීලා තියෙන්නේ.

හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ ක්‍රමය ලංකාවේ තියෙන බස් රථවල දැන් භාවිතා නොවන තරම්ය.

තමන් කොන්දොස්තර මහතාට ලබාදෙන මුදල වෙනුවෙන් zටච් පෙර ගෙවුම් කඩ් පතක් (Touch Travel Pass) මගීන්ට හදුන්වාදීලා තියෙනවා.

මේ කාඩ්පත කොන්දොස්තර මහතාට ලබාදුන්නාම කොන්දොස්තර මහතා සතු ඇති ටිකට්පත් නිකුත් කරන මැෂිමට යොමුකර ඔබට ටිකට් පතක් ලබා දෙනවා. මේ හේතුවෙන් ඔබට කිසිදු ගැටලුවකින් තොරව හා කිසිදු මානසික ආතතියකින් තොරව බස් රථයෙන් තමන්ගේ ගමනාන්තය දක්වා යා හැකිය.

එම කාඩ් පතේ තමනස්ට අවශ්‍ය ප්‍රමාණයට මුදල් නොමැති වූ විට නැවතත් එම කාඩ් පතට තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් රීලෝඩ් කර ගත හැකිය.

හැබැයි ගොඩක් බස්රථවල මේ වන විට මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන බවක් පේන්න නෑ.

මේ වන විට 6% මුදලකින් බස් ගාස්තු ඉහළ දමා ඇති බව කොයි කවුරුත් දන්නා කාරණයක්නේ.

මේ ක්‍රමය කොහොම හරි දැන් ක්‍රියාත්මක වෙන්නේ නැති තරම්. හැබැයි මේ ක්‍රමය ලංකාව තුළ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කළොත් මගීන්ට කිසිදු ගැටලුවකින් තොරව මුදල් ඉතුරු කරගෙන තමන්ගේ ගමනාන්තය දක්වා මගී බස් රථයෙන් ගමන් කළ හැකිය. ඒ විතරක් නොවේයි සාක්කුවේ බරට බරේ මාරු කාසී දාගෙන යන්න ඔනෙත් නෑ.

කොහොම හරි මේ ක්‍රමය තවදුරටත් ප්‍රචරිත කළ යුතු වෙනවා. මෙම කාඩ්පතෙහි අයිතිය හිමි වන්නේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතටය.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ නැවතත් හෙට(13) සිට මෙම ක්‍රමය බස් රථ තුළ ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන බවයි.

කොහොම හරි මේ ක්‍රමය ප්‍රචලිත කරන්න නම් උදේ සවස බස්වල යන සෑම මගියෙකුම මේ කාඩ්පතක් අනිවාර්යයෙන් ලබා ගන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මේ ක්‍රමය ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවටත් ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ.

ආසියාවේ බොහෝ රටවල මේ ක්‍රමය මේ වන විටත් ක්‍රියාත්මකයි. මේ ක්‍රමය ලංකාවේ මගී ජනතාව අතර අපි ප්‍රචලිත කරමු.




Touch Travel Pass - Sri Lanka

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බස් ගාස්තු 6% වැඩිවෙයි - සල්ලි නොදී බස්වල යන්න හොඳම ක්‍රමය මෙන්න"

    Post a Comment