13 July, 2016

වෙබ් අඩවි ගැන පියුමි කට අරියි

පියුමි හසංමාලි කියන්නේ අද සමාජ වෙබ් අඩවිවල මෙන්ම බොහෝ වෙබ් අඩවිවල විවිධ පුවත් මවන්නියකි. නිරූපණ ශිල්පිනියක වන ඇය, ඉදිරියේදී චිත්‍රපට සඳහා එක්වීමට නියමිතයි.

අලුත් වැඩකටයුතු මොනවාද?

ඉදිරියේදී රූපවාහිනි නාට්‍ය දෙකක් සඳහා වැඩකටයුතු පටන් ගන්න නියමිතව තිඛෙනවා. තව මාස දෙකකින් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරන්න තියෙනවා.

නිරූපිකාවක් කිව්වාහම අද ලංකාවේ බොහෝ දෙනා තිඛෙන්නේ වැරදි ආකල්පයක්. ඉතිං මේ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?

අද ලංකාවේ බොහෝ දෙනා මිනිස්සුන්ව මනින්නේ ඇඳුම්වලින්. ඉතිං මම නම් හිතන්නේ කෙනෙක්ගේ ඇඳුම් විලාසිතාවක් තුළින් කෙනෙක්ව මනින්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඒකනිසා මම විලාසිතා කරන්නේ තැනට ඔබින විදිහටයි. ඉතිං බොහෝ දෙනා නිරූපිකාවන්ව මනින්නේ ඇඳුම්වලින් කියලා තමයි මට නම් හිතෙන්නේ.

ලංකාවේ බොහෝ වෙබ් අඩවිවලින් වැරදි ප්‍රචාරයන් සිදුකරනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

මම නම් කවදාකවත් වෙබ් අඩවිවලින් කරන කිසිදු ප්‍රචාරයක් ගණන් ගන්නෙ නැහැ. එවැනි දේවල් හද හද ඉන්නෙ මිනිස්සුන්ට වැඩ නැතුව ඇති. මට සමහරක් දේවල් දැක්කාමත් හිනා යනවා.


Piyumi Talking About Web Sites

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වෙබ් අඩවි ගැන පියුමි කට අරියි"

    Post a Comment