13 July, 2016

ඉන්දියාවේ තරුණියකට ගුවන් තොටුපලකදී කැත වැඩක් වෙලා - වැඩේ විදෙස් ඇමැතිටත් පත්තු වෙයි

ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ පදිංචි වී සිටින මොනිකා නම් තරුණියට ඉන්දියාවේම ගුවන් තොටුපලකදී ලොකු අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා.

දිල්ලියේ තියෙන ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපලේදී තමා මේක වෙලා තියෙන්නේ.

ගුවන්තොටුපලේ සිටි ආරක්ෂක නිලධාරීන් ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය අරගෙන ඒක බැලුවට පස්සේ ඇයගෙන් අහලා තියෙනවා කියන්න තමුන් කවුද? ඉන්දියාවේ නෙමේ නේද ? ඇයි මෙහෙට ආවේ ? කියලා.

මොනිකා කියනවා පාස්පෝර්ට් එකේ ඉන්දියන් ජාතිකයෙක් කියලා ගහලා තියෙනකොට තමන්ගෙන් ඒ ගැන විමසීම පුදුමයි කියලා.

පස්සේ මේ නිලධාරීන් ඇයට සැර කරලා නරක වචන දෙක තුනකුත් කියලා.

එදා ගුවන්තොටුපලේදී නිලධාරීන් තමන්ට සැලකුවේ හරියට ත්‍රස්තවාදියෙක් වගේ බව සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය පවසා තිඛෙනවා. ඒ වගේම ඇය එම සටහනෙන් ඇයට සිදුවූ අසාධාරණය ගැන ඉන්දියාවේ විදෙස් ඇමති සුෂ්මා ස්වරාජ්ටත් අවධාරණය කරලා තියෙනවා.

සුෂ්මා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මොනිකාට කණගාටුව ප්‍රකාශ කරලා වගේම මේ ගැන පරීක්ෂණයක් සිදුකරන්න තමන් සුදානම් බවත් කියලා තියෙනවා.







Indian Girl Face To Harassment At Indian Airport

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාවේ තරුණියකට ගුවන් තොටුපලකදී කැත වැඩක් වෙලා - වැඩේ විදෙස් ඇමැතිටත් පත්තු වෙයි"

    Post a Comment