අපි හිතන අපි එදිනෙදා දකින අය ගැන අපිට ක්ෂණිකව බලලා තීරණය කරන්න අමාරුයි.
මොකද එළියට වැඩිය ඇතුළ වෙනස්.
පොතේ කවරය බලලා පොත ගැන තීරණය කරන්න එපා කියලා කියන්නෙත් ඒ නිසාම තමයි.
මේ ලිපියේ කතා නායිකාව ඔබ කවුරුත් දන්න සනී ලියොන්.
මේ නම ගූග්ල් ගිහින් සර්ච් කරපු ගමන් වෙබ් අඩවි පිරෙන්න ඇගේ වැඩිහිටි ලිංගික චිත්‍රපට වලින්. ප්‍රතිචාර, ඇනුම් බැනුම් තියෙනවා.
කොහොම වුණත් ලිංගික චිත්‍රපට ර`ගපෑම තම වෘත්තීය ජීවත්වීමේ මාර්ගය බවට පත්කර ගත්ත සනී ලියොන් අලුත්ම බොලිවුඩ් ෆිල්ම් එකක ප්‍රේමණීය චරිතයක් ර`ගපාන්න ගියපු කතාවක් තමයි දැන් අපිට දකින්න ලැඛෙන්නෙ.
චිත්‍රපටය 'බේමාන් - ලව්' කියන ලබන මාසෙ රිලීස් වෙන මේ ෆිල්ම් එකේ සනී ර`ගපාන්නේ රාජ්නීශ් ඩග්ගල් සමග.
මේ ෆිල්ම් එකේ අඳුරු ආදර කතාවක කතා නායිකාව විදියට තමයි ඒකට සම්බන්ධ වෙන්නෙ.
නූතන සමාජයේ ආදරය ගැන කියැවෙන මේ ෆිල්ම් එකේ සනී ස්වාධීනව ශක්තිමත්ව ජීවත්වන ගැහැනියක විදියටයි දිවි ගෙවන්නෙ.
ඒ සමාජයේ සියලු මානව සබඳතා සම`ග සිය දිවියේ අරුතද රැක ගනිමින් ගනුදෙනු කරමිනුයි.
ඒත් ෆිල්ම් එකේ සනී මේ විදියට ජීවිතය ගතකරගෙන යනකොට එක්වරම කඩා වැටීමකට ලක්වෙනවා.
ඉන් නොපසුබටව නැ`ගී සිටින ඇය බලවත් ව්‍යාපාරික කාන්තාවක ලෙස කරළියට එනවා.
සියල්ල වෙනස් වීමට පටන් ගන්නෙ එතැනිනුයි.
'වන් නයිට් ස්ටෑන්ඩ්' සහ 'ටිනා ඇන්ඩ් ලොලෝ' කියන ෆිල්ම් වලත් ප්‍රධාන චරිතය රගපාලා තියෙන සනී මේ ෆිල්ම් එකෙත් වෙනස් මගක් ගනිමින් රංගනයේ යෙදෙන බව තමයි චිචාරකයන් නම් කියන්නේ.
ඒත් සුපුරුදු ලෙසම සනීව සුරදූතිකාවක් වගේ පෙන්වන්නට නම් අධ්යක්ෂවරයා ඇයට පදමට මේකප් දමා තිඛෙනවා.
සනීගේ 'ප්‍රකට ක්ෂේත්රයද' නියෝජනය වන පරිදි
නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය සනීගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙයිද?

Sunny Is Not Only The SEX
එහෙමත් නැත්නම් එක දිගට සෙක්ස් ෆිල්ම් වල ර`ගපාලා සෙක්ස් සිම්බල් එකක් විදියට කවුරුත් නම්කර ගෙන ඉන්න සනී මේවගේ චරිතයක් කරනවාට එයාගෙ රසිකයන් කැමැති වේවිද?
ඒ විතරක්ද සමකාලීන නිළියෝ එයාගෙ ආගමනය මොන විදියට තේරුම් ගනියිද? ප්‍රශ්න කෝටියයි.
කොහොම වුණත් මිනිසුන්ට වෙනස් වීමේ අයිතිය තියෙනවා.
සම්මතය බිඳ දාපු සනීට ත් ඒක එහෙමයි. ඉතිං වැරැද්ද එයාගෙ නෙවෙයි. වැරැදි හොයපු මිනිසුන්ගේ.
මිනිස්සු සෙක්ස් ෆිල්ම් බලනකන් ඇය ඒ විදියට රගපාවි. බලමුකො මේ අලුත් හින්දි ෆිල්ම් එකෙන් පස්සෙ තත්වය කොහොමද කියලා.
කොකේන් පාවිච්චි කරලා ජීවිතය විනාශයටම ගෙන ගියපු අහම්ඛෙන් හොලිවුඩයට ආ අයත් ලස්සනට ජීවිතය ගත කරනවා නම් සනීට බැරිවෙන එකකුත් නෑ වෙනස් වෙන්න.
අසේල පියුමන්ත

Sunny Is Not Only The SEX
Share this
|
|
0 Comment to "Sunny කියන්නේ SEX ම නෙවෙයි"
Post a Comment