මේ චිත්‍රපටය යුරෝපීය රටවල ප්‍රදර්ශනය ආරම්භ කරමින් ලන්ඩන් නුවර සිනමා ශාලාවකදී මංගල දර්ශනය පැවැත්වුණා.
එදා සිදු වූ එක්තරා සිදුවීමක් එහි සිටි කාටත් විනෝදයක් බවට පත්වුණු පුවතක් මේ.
චිත්‍රපටය තිරගත වීමට පෙර එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, නළු නිළියන් ඇතුළු ශිල්පීන් රතු පලස මතින් සිනමා ශාලාවට පිය මනිමින් සිටියා.
විසිහය හැවිරිදි මාගට් රොබීත් ඒ අතර ගමන් කළේ කාගේත් අවධානය දිනා ගනිමින්.
මඳ දුරක් ඇවිද යද්දී ඇගේ සපත්තුවක පටියක් එහෙ මෙහෙ වුණා.
මාගට්, එක් වරම පහතට නැමී එය හදා ගන්න උත්සාහ කළා පමණයි.
ඇය හැඳ සිටි දිගු ගවුමේ පිටුපස යම් හේතුවකින් විවර වුණා.
මේ සුරූපිනිය වට පිට බලා එය හදා ගන්නට උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ.
ඒ මොහොතේ ඇගේ පිහිටට ආවේ වෙනින් කවුරුවත් නොවේ.
'ද ලෙජන්ඩ් ඔෆ් ටාසන්' චිත්‍රපටයේ ටාසන් ලෙස රගපෑ ඇලෙක්සැන්ඩර් ස්කාස්ගාඩ්.
ඔහු, මාගට්ගේ පිටුපසින් පැමිණ ඇගේ ගවුමේ වැරැද්ද නිවැරැදි කළේ අවට සිටි විශාල පිරිස ඒ දෙස බලමින් සිනා සෙන අතරතුරදීයි.
එහි සිටි කැමරා ශිල්පීන් ඒ මොහොතේ 'වහාම ක්‍රියාත්මක' වූ බව කියන්නම ඕනෙ ද?
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3VAsyti2SygrEL4UeIj5iLUPhkOiDpW-daKvP0z9PvoLPtTkYLj9G5p_4fJpbmJomopZya0mv0hrGo7lUYzdRmwVMSasR0S45hRCN9-3D_6ZS1O7aN4D5_J4uIxvlQJHDL_Oa8wmSL2RX/s1600/Alexander+Skarsgard+Helps+Margot+Robbie-03.jpg">







Alexander Skarsgard Helps Margot Robbie







Alexander Skarsgard Helps Margot Robbie
Share this
|
|
0 Comment to "ගවුම් වල වැරදි හදන 'ලෙජන්ඩ් ඔෆ් ටාසන්'"
Post a Comment