05 July, 2016

පියාගේ වියෝව දරා ගැනීමට නොහැකි වූ පුතා

සිය පියාගේ වියෝව දරා ගත නොහැකිවූ පුතෙකු පියාගේ අභාවයෙන් දින 06 ක් ගෙවුණ අද (05) අළුයම පියාගේ දේහය භූමදාන කළ සොහොනට මීටර 300 ක් පමණ දුරින් පිහිටි ලඳු කැලෑවක රසායන ද්‍රව්‍යයක් පානය කර ගෙල වැළලාගෙන සිටියදී සොයාගෙන තිඛෙනවා.

මෙලෙස සිය පියාගේ වියෝව දරා ගත නොහැකිව දිවි නසාගෙන ඇත්තේ උතුරු මැද පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ රියදුරෙකු ලෙස සේවය කරන මංගල කුමාර බුලංකුළම (49) නම් දෙදරු පියෙක්.

එප්පාවල, කණ්ඩක්කුලම පොදු සුසාන භූමියට ඉහළින් ඇති ලඳු කැලෑවක අඩි 10 ක් පමණ උස ගසක එල්ලෙමින් තිබී ඔහුගේ දේහය සොයා ගෙන ඇති අතර, ඔහු යම්කිසි රසායනික පොහොර වර්ගයක්ද ආහාරයට ගෙන සිය දිවි නසා ගන්නට තැත්කර ඇති බවට සලකුණු තිඛෙන බව පොලීසිය පවසයි.

රසායනික ද්‍රව්‍යය ආහාරයට ගෙන මිය නොගිය තැන ඔහු ලඳු කැලෑව තුළට ගොස් ගෙළ වැළලාගන්නට ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.

එප්පාවල , කණ්ඩක්කුළම පදිංචි හැත්තෑ නම වියැති ටිකිරිබණ්ඩා බුලංකුළම මහතා රෝගාතුරව සිට පසුගිය මස 30 වැනි දින වියෝ වූ අතර, ඒ මහතාගේ වියෝව හේතුවෙන් ඔහුගේ පුතු වන උතුරු මැද පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ රියදුරෙකු ලෙස සේවය කරන මංගල කුමාර බුලංකුළම මහතා මහත් සංවේගයට පත්ව සිට තිඛෙනවා.

ඒ හේතුවෙන් ඔහු පියාගේ සත් දින දානය තිඛෙන දිනට පෙර දින (05) අළුයම සිය දිවි නසාගන්නට ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.

සිය පියාට බොහෝ සේ ආදරය කළ මංගල මහතා පියාගේ වියෝව හේතුවෙන් කම්පනයට පත් ව සිටි බව පවුලේ ඥාතීන් පවසති.

එප්පාවල කණ්ඩක්කුලම පිහිටි නිවසට පැමිණ පියාගේ සත් දින දානයට අවශ්‍ය සියලු බඩු බාහිර ආදියද ඊයේ (04) ගෙනැවිත් තබා අවශ්‍යය සියලු කටයුතුද සම්පාදනය කර අද (05)අලුයම 1.00 පමණ වන තුරු නිවසේ රැදී සිට තිඛෙනවා.

පසුව සොයා බැලද්දි මංගල මහතා නිවසේ නොසිටීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව ඒ මහතා පිළිබද තොරතුරු සොයා බලන විට මංගල මහතාගේ ජංගම දුරකථනය සිය පියාගේ සොහොන උඩ තිඛෙන අයුරු ප්‍රදේශවාසීන් දැක ඇත.

ඒ අසලම රතු පැහැති රසායනික පොහොරද වැටී තිඛෙනු දැක ගම්වාසීන්ට සැක සිතී අසල ලදු කැලෑව පීරා මංගල මහතා සොයා ඇත.

ඒ අනුව එම කැලෑවේ පදුරු සහිත ස්ථානයක අඩි 10 ක් පමණ උස ගසක සිය සරම ආධාරයෙන් ගෙල වැළලාගෙන සිටි මංගල මහතා සොයා ගෙන ඇත.

ඔහු ලඳු කැලෑවේ රාත්‍රියේ එහා මෙහා ඇවිදීම නිසා ශරිරය පුරාම සීරිම් තුවාල සිදුව තිබූ බවද ප්‍රදේශවාසීන් පැවසූහ.










Son unable to bear the loss of his father's

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පියාගේ වියෝව දරා ගැනීමට නොහැකි වූ පුතා"

    Post a Comment