04 July, 2016

තාත්තාට වකුගඩුව දන් දී ක්‍රිකට් වලින් සමුගන්න හදපු ප්ලන්කට්

සංචාරක ශ්‍රීලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම හා පැවති එක්දින තරගාවලිය පසුගිය දා නිමාවට පත්වූයේ තරග 3-0 ලෙස එංගලන්තයට ජය හිමිකර දෙමින්.

මෙම තරගාවලියේ පළමු තරගය ඉතා උනුසුම් මුහුණවරක් ගත් බව ඔබට මතක ඇති.

මෙම තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 286 ලබා ගත්තේ එංගලන්තයට අසීරු ඉලක්කයක් ලබා දෙමින්.

කෙසේ වෙතත් එංගලන්තය පන්දුවාර 49.5 අවසානයේ ලකුණු 280 ලබාගන්නේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම සඳහා අවසන් පන්දුවට ලකුණු 6 ලබාගැනීමේ අභියෝගයත් සමගයි.

කෙසේ වෙතත් අවසානයේ නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට හයේ පහරක් ලබා ගනිමින් වේග පන්දු යවන ක්‍රීඩක වන ලියම් ප්ලන්කට් (Liam Plunkett)තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්නේ එංගලන්තයේ වීරයා බවට පත් වෙමින්.

ලියම් උපත ලබන්නේ 1985 අප්‍රේල් මස 6වන දිනයි. ඒ යෝක්ෂයර් ප්‍රාන්තයේ මිඩ්ල්ස්බරෝ නගරයේදී.

දැනට 31 වන වියේ පසුවන අඩි 6 අගල් 3ක් උසැති ලියම්ගේ මිතුරන් ඔහුව අමතන්නෙ 'පඩ්ස' යන සුරතල් නාමයෙන්.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ප්‍රවේශ වූයේ 2005 වසරේදී.

එංගලන්තය පකිස්තානය අතර පැවැති තරගය අතරතුර ක්‍රීඩකයෙකු ආබාධයට ලක්වීම හේතුවෙන් ලියම්ව එංගලන්ත කණ්ඩායමට කැඳවනු ලැබුවා.

ලියම් ගැන අපූරු පුවතක් මේ දිනවල එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.

මීට වසර දෙකකට පෙර ඇලන් වන ලියම්ගේ පියා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙමින් සිටියා.

වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

මේ සඳහා ඇලන්ගෙ සොයුරු සොයුරියන්ගේ වකුගඩුද ප්‍රතික්‍ෂේප කෙරුණේ ඔහුගේ රෝගී තත්ත්වය ඔවුන්ගේ වකුගඩුවලින්ද පිළිබිඹු වූ හින්දයි.

දෛවයේ සරදමකට මෙන් ලියම්ගේ පියාට එනම් ඇලන්ට බද්ධ කිරීමට වඩාත් සුදුසු වකුගඩුව තිබුණේ ලියම්ට.

මේ කාලයේ එංගලන්ත පි‍ලේ ස්ථානය අහිමිව සිටි ලියම් වෛද්‍යවරුන්ගෙන් මේ පිළිබඳව දැනගත් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන තම පියාට වකුගඩුවක් දන් දෙන්න දැඩි ලෙස උත්සහ කළා.

නමුත් ලියම්ගේ පියා ලියම් ගේ එම තීරණයට දැඩි ලෙස විරුද්ධ වූයේ, ලියම් තමාට වඩා එංගලන්තයට ආදරය කළ යුතු බව පවසමින්.

නැවත වරක් ලියම්ට එංගලන්ත කණ්ඩායමේ ස්ථානය හිමිවී ඔහු දක්ෂතා අතරට පැමිණේවි යැයි ලියම්ගේ පියා දැඩි ලෙස විශ්වාස කළා.

අදට වන විට එම විශ්වාසය සැබෑ ලෙසම යථාර්තයක් වී තිඛෙනවා.


The donor kidney to father and Plunkett tried to retire from cricket 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තාත්තාට වකුගඩුව දන් දී ක්‍රිකට් වලින් සමුගන්න හදපු ප්ලන්කට්"

    Post a Comment