ගාල්ල පොලිසියේ දුෂණ මර්දන ඒකකයට ලැබුනු තොරතුරකට අනුව ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේදී සැකකටයුතු තරුණියක් පරීක්ෂා කිරීමේදීයි හෙරොයින් හමුවී ඇත්තේ.
මෙම සැකකාර තරුණියගේ පියා සහ මව ද හෙරොයින් ළග තබාගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බවට අනාවරණ වී තිඛෙනවා.
තරුණිය පොලිසියට ප්‍රකාශකර ඇත්තේ පියාගේ බල කිරීම මත විටින් විට මත් කුඩු බන්ධනාගාරයට ගෙන ගොස් ලබාදුන් බවයි.
ඇය හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර පෞද්ගලික වෛද්‍ය ආයතනයක හෙදියක් ලෙස ඇය සේවය කර
ඇතැයි ද සඳහන්.
සැකකාර තරුණිය මේවන විට පොලිස් භාරයේ සිටින අතර ඇය ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Daughter arrested due to doing mothers job
Share this
|
|
0 Comment to "අම්මගේ හොර රස්සාවම කරලා නර්ස් දුවත් මාට්ටු"
Post a Comment