04 July, 2016

ISIS ත්‍රස්තයින්ට මැදිව කෘෘර වද හිංසාවලට ලක්ව දිවියට සමුදුන් ටරිෂි

ISIS ත්‍රස්තයින්ගේ ඉලක්කය වූ පළමු දකුණු ආසියාතික රට බවට පත්වූ බංග්ලාදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පිරිස අතර සිටි ඉන්දීය ජාතික තරුණියක් දරුණු ලෙස වද හිංසාවලට ලක්‌ව ඇති බවට ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

ඩකා ප්‍රහාරයෙන් පසුව ජාතිය ඇමතූ බංගලාදේශ අගමැතිනි ෂීක්‌ හසිනා ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය ඉතා දරුණු ම්ලේච්ඡ ක්‍රියාවක්‌ බවත් මෙය සිදුකළ පුද්ගලයන් මුස්‌ලිම්වරුන්ද නැත්නම් ඔවුන්ට ආගමක්‌ නැද්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුවන බවයි.

මෙම ප්‍රහාරයත් සමග ISIS සංවිධානය සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙහි වගකීම භාරගත් අතර ඉරාකයේ හා සිරියාවේදී තම සංවිධානයට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාරවලට එරෙහිව මෙම ප්‍රහාරය දියත් කර ඇති බව සඳහන් කර තිබිණි.

ආපන ශාලාවේදී ඝාතනයවූ බහුතර ඉතාලි හා ජපාන ජාතිකයන්වූ අතර එම රටවල් දෙකම සිරියාවේ හෝ ඉරාකයේ යුද්ධයට සම්බන්ධ වී නැත.

මෙම ආපන ශාලාවේ අරක්‌කැමියකු වන ආජන්ටිනා ජාතික දියාගෝ රොසිනි සිය අත්දැකීම් මෙලෙස විස්‌තර කර තිබිණි.

ඇත්තටම මට විශ්වාස කරන්න බැහැ මොනවා වුණාද කියලා. ඒක හරියට චිත්‍රපටයක්‌ වගෙයි.

ඔවුන් මටත් තුවක්‌කුව දික්‌කලා. හැම තැනටම වෙඩි තිබ්බා කොහොම හරි මම පිටිපස්‌සෙන් පැනලා අසල තිබ්බ ගොඩනැගිල්ලකට ගියා.

මෙහිදී ඝාතනයට ලක්‌වූ ඉන්දීය තරුණිය එනම් 19 හැවිරිදි ටරිෂි දරුණු ලෙස වද හිංසාවලට ලක්‌ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ටරිෂිගේ පියා සන්ජීව් ඡේන් ඩකා අගනුවර වසර 20 ක කාලයක පටන් ඇඟළුම් ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන පුද්ගලයෙකි.

ටරිෂිගේ දේහය අද නවදිල්ලි නුවරට රැගෙන ඒමට නියමිතය.

අබින්තා කබීර් නම් ඇමරිකානු තරුණියද මෙහිදී ඝාතනයට ලක්‌ව ඇති අතර ඇය ඇමරිකානු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.

ජපාන අගමැති ෂින්ෂෝ අබේ ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරයෙන් ඝාතනය වූ ජපාන ජාතිකයන් සත්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක්‌ද වන බවයි.







End of life Tarishi's under cruel torture of ISIS terrorists evacuees

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ISIS ත්‍රස්තයින්ට මැදිව කෘෘර වද හිංසාවලට ලක්ව දිවියට සමුදුන් ටරිෂි"

    Post a Comment