07 July, 2016

කතරගම පිහිට පතන අතරං වූ දියණියන්

නැති බැරිකම් ඉහවහා ගිය විට මහ මගට බැස මිනිසුන්ගෙන් සරණ පතන්නට සිදුවීම වර්තමානයේ සාමාන්‍ය තත්ත්වයක්.

එහෙත් එවැනි කථා පුවත් අතර අතිශය සංවේදී වූ අවස්ථාවන්ද අපට නිරන්තරයෙන් හමුවනවා.
මේ දිනවල කතරගමට පැමිණෙන බැතිමතුන්ට කිරි වෙහෙර ආසන්නයේ ඇඳ ඇතිරිල්ලක් එලා දරුවන් පස්දෙනෙකු සමඟ ජීවත්වෙන්නට සරණ පතන මව්පිය යුවළක් පිළිබඳව දැක ගත හැකියි.

මාස 14 ක් පමණ වයසැති තුන් නිවුන් දැරියන් ඇතිරිල්ලකින් ඔතා තවත් දරුවන් දෙදෙනෙකු සම`ග කෑමට, බීමට යමක් එකතු කරමින් එහි රැඳී සිටින්නේ තණමල්විල සූරියආරේ පදිංචි 43 හැවිරිදි හිටපු ආබාධිත හමුදා සෙබළෙකු සහ ඔහුගේ බිරිඳයි.

විනය හේතුවක් මත 2010 වසරේ යුද හමුදාවෙන් ඔහු ඉවත් කරන විට ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සාජන් මේජර්වරයෙක්.

වාලච්චේනේදී කොටි ප්‍රහාරයකට ලක්ව ආබාධිත වූ ඔහුට ස්ථිර රැකියාවක් නැහැ.

පුංචි දියණියන් තුන්දෙනාට කිරි පිටි මිලට ගැනීම පවා ඔවුන්ට මහමෙරක බරක් වී ඇත්තේ ගමේ සායනයෙන් ත්‍රිපෝෂ පැකට්ටුවත් නිසි පරිදි නොලැඛෙන නිසා.

ඔවුන්ට සහනයක් වීම මිනිසුන් වූ සැමට සසර ගමන ජයගන්නට හේතුවන කරුණක් වනවා නිසැකයි.















Seeking help with destitute daughters

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කතරගම පිහිට පතන අතරං වූ දියණියන්"

    Post a Comment