07 July, 2016

'මගේ සාය කොට වැඩියි' - ලිංගික අතවර ගැන අමුතුම ඡායාරූප

කාන්තාවන්ට නිසි අයිතීන් ලබා දීම ගැන මෙන්ම කාන්තා හිංසනය වැලැක්වීම ගැන වැඩියෙන්ම කතාබහට ලක් වෙන කාල වකවානුවක් ලෙස වර්තමානය හඳුන්වන්න පුළුවන්.

ඒ කෙසේ වෙතත් කාන්තාවන් ලිංගික අතවරවලට ගොදුරු වීම ගත් කල එය ද අන් කවරදාකටත් වඩා වැඩි වූ කාලයක් ලෙස වත්මන් කාලය හැඳින්වුවහොත් වරදක් නොවේ.

මහමග දී, බස් රථයේ දී, කාර්යාලයේ දී ආදී විවිධාකාර ස්ථානවල කාන්තාව ලිංගික හිංසනයට ලක්වනවා.

බොහෝ විට එවන් සිදුවීමක් අවසානයේ චෝදනාව එල්ලවන්නේ ද අතවරයට ලක් වූ කාන්තාවටම යි.

අතවරයක් සිදු කිරීමට පිරිමියෙකු පෙළඹෙන ආකාරයෙන් හැසිරුණබව, ඇඳපැළඳගෙන සිටි බව, අවේලාවේ ගමන් ගිය බව ආදී නොයෙක් හේතු ඉදිරිපත් කරමින් මෙම චෝදනා එල්ලවනවා.

ලිංගික අතවරයකින් පීඩනයට ලක් වූ කාන්තාවටම චෝදනා එල්ල කරමින් තව දුරටත් පීඩනයට පත් කිරීමට එරෙහි ප්‍රබල පණිවිඩයක් ලබා දීමට Yana Mazurkevich නම් වූ ඡායාරූප ශිල්පියෙකු සමත් වී තිඛෙනවා.

නිරූපණ ශිල්පිනියන් කිහිපදෙනෙකු යොදාගනිමින් කර ඇති ඔහුගේ මෙම නිර්මාණය සැබෑ ලෙසම වාර්තා වූ විවිධ ලිංගික හිංසන සිදුවීම් සහ ස්ත්‍රී දූෂණ සිදුවීම් ඇසුරින් නිර්මාණය කර ඇති බව යි ඔහු පවසා ඇත්තේ.

අතවරයට ලක් වූ කාන්තාවන් ලෙස මෙහි දී නිරූපණ ශිල්පිනියින් පෙනී සිටින අතර අතවරයට පත් කෙරෙන පිරිමියා සංකේතවත් කිරීමට පිරිමි නිරූපන ශිල්පියෙකුගේ දෑත් පමණක් මෙහි දී පෙන්වා තිඛෙනවා.

අතවරයට ලක් වූ කාන්තාවන්ට එල්ල වන විවිධ චෝදනා බෝඩ් ලෑල්ලක ලියා නිරූපණ ශිල්පිනියන් විසින් අල්ලාගෙන සිටින අයුරු ද දැකගත හැකියි.

'මගේ සාය කොට වැඩියි', 'ඒක මගේ වරද', 'මම බීමත්ව සිටියා', 'මම මිත්‍රශීලී වූවා වැඩියි', 'මම මීට වඩා පරිස්සම් වෙන්න තිබ්බා', 'මම තනිවම ඇවිදින්න ගිය එක වැරදියි' ආදී වැකි එම බෝඩ් වල සටහන් කර තිබෙනවා.


















"My Skirt is Too Short" - Strange Photos Of Sexual Harassments

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'මගේ සාය කොට වැඩියි' - ලිංගික අතවර ගැන අමුතුම ඡායාරූප"

    Post a Comment