08 July, 2016

සමන්මලී දිනේෂ් ගුණවර්ධනගේ පුත් සමගින් යුගදිවියට

2015 වසරේ මහනුවරදී පැවැති මහින්ද සුළග රැලියේ දී ඇති වූ ආදර අන්දරයක් දුරදිග ගොස් පසුගිය කාලයේ සමාජජාල මෙන්ම රටේ පුවත් මැවූ  පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය මෙනවිය සහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා ලබන 14 වැනි දා විවාහ දිවියට එළඹීමට නියමිත බවට දැනගන්නට ලැඛෙනවා.

දේශපාලන ආරංචි වැඩිදුරටත් පවසන්නේ දෙදෙනාගේ දෙවැනි ගමන ලබන 17 වැනි දාට යෙදී ඇති බවයි.

බොරළුගොඩ සිංහයා ලෙස විරුධාවලිය ලත් පිලිප් ගුණවර්ධන මහතාගේ මුණුබුරෙකු වන යදාමිණි, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කරන අතර සමන්මලී සකලසූරිය මෙනවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය යි.

ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ මහතාගේ ද ඥාති දියණික් වනවා.


Samanmali Going To Married Yadamini

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමන්මලී දිනේෂ් ගුණවර්ධනගේ පුත් සමගින් යුගදිවියට"

    Post a Comment