08 July, 2016

ඛෙල්ලෙ වැල දාගන්න ගිහින් කොන්ද කඩා ගත් තරුණිය

ආදරේ හින්දා සමහරු ගන්න හදිසි තීරණ නතර වෙන්නේ ආයෙත් හදන්න බැරි වැරදි ගොඩක් ජීවිතේට එකතු කරලා.

ඒ දෙවල් වලින් ඔවුන් විඳවනකොට තමයි තේරෙන්නේ තමන් කරගත්තේ මෝඩ වැඩක් කියලා.

ඒ විදියට තමන්ගේ පෙම්වතා උපන්දිනයට තෑග්ගක් දුන්නේ නෑ කියලා සියදිවි හානි කරගන්න ගියපු තරුණියක් ගැන පුවත් අපිට කෑගල්ල පැත්තෙන් වාර්තා වුණා.

ඒ වාර්තා වුණු සිද්ධිය මෙහෙමයි...

කෑගල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් තමන්ගේ පෙම්වතා සමඟ අමනාප වෙලා නිවසේදී ගෙල වැලලා ගෙන ජීවිතය හානිකර ගන්න ගිහින් තියෙනවා.

ඒත් හදිසියේම ගෙලෙහිලාගත් වැල කඩා වැටී තුවාල ලබා මේ සිසුවිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරලා තියෙනවා.

අවුරුදු 17ක් වයස මේ සිසුවිය පෙම්වතා එක්ක අමනාප වෙලා තියෙන්නේ උපන්දිනය දවසේ.
මීට මාස 8කට කළින් රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයක් එක්ක තමයි මේ ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගිහින් තියෙන්නේ.

ඉතින් ඉකුත් ජූලි 5 වැනිදට යෙදිලා තිබුණු තමන්ගේ උපන්දිනේට ප්‍රේමවන්තයා ත්‍යාගයකුත් අරන් රඹුක්කන නගරයට එනවා කියලා මෙයාටත් එතැන්නට එන්න කියලා තියෙනවා.

කියපු වෙලාවටම පෙම්වතිය ගියත් පෙම්වතා ඇවිත් නැති නිසා ඇයට හොඳටම දුක හිතිලා.

පස්සේ කරලා තියෙන්නේ දුරකතනයෙන් ප්‍රේමවන්තයාගේ දුරකතනයට ඇමතුමක් ලබාදීපු එක.

ෆෝන් එකටත් ආන්සර් කරපු නැති නිසා තමයි ඇය නිවසට ගිහින් කාමරයෙදි අම්මාගේ සාරියක් අරන් ගෙල වැලලාගෙන සිය දිවි හානිකර ගන්න උත්සාහ කරලා තියෙන්නේ.

කොහොම වුවත් අන්තිමේදී වෙලා තියේන්නේ සාරිය කැඩිලා තරුණිය එක්කම බිමට වැටුණු එක.

කාමරේ ඇහුණු සද්දේ ගැන බලන්න අම්මා ආවම දැකලා තියෙන්නේ තමන්ගේ දුව ඛෙල්ල වටේ සාරියකුත් ඔතාගෙන බිම වැටිලා ඉන්නවා.

පස්සේ ළග ඉන්න අයත් එක්ක එකතුවෙලා දුව රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පස්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර යවලා තියෙනවා.


Girl Fallen To Down When Going To Hanging

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඛෙල්ලෙ වැල දාගන්න ගිහින් කොන්ද කඩා ගත් තරුණිය"

    Post a Comment