08 July, 2016

පෙම්වතාට වෙඩි වදිනවා ලයිව් ෆෙස්බුක් එකට දාපු පෙම්වතිය

තමන්ගේ පෙම්වතාට පොලිස් නිලධාරියෙක් වෙඩිතියපු හැටි ගැන ෆෙස්බුක් එකේ ලයිව් වීඩියෝවකින් කියපු තරුණියක් ගැන මේ වෙනකොට හැමෝම අතරේ කතාබහට ලක්වෙලා තියෙනවා.

මේක සිද්ධවෙලා තියෙන්නේ ඇමරිකාවේ.

පොලිස් නිලධාරීන් ඇවිත් මේ තරුණයාගේ හැඳුනුම්පත ඉල්ලපු වෙලාවේ ඔහු ඒක දෙන්න ප්‍රතික්ෂේක කළා කියලා තමයි මේ වෙඩි තැබීම සිද්ධවෙලා තියෙන්නේ.

උණ්ඩ 4ක් ඔහුට තිබ්බ පොලිස් නිලධාරියා පස්සේ තරුණියගේ පැත්තටත් තුවක්කුව දික්කරගෙන එයාගෙන් හැදුනුම්පත ඉල්ලන හැටි ලයිව් වීඩියෝවකින් ඇය හැමෝටම පෙන්නලා.

ඒ වීඩියෝ එකේ වෙඩි වැදුණු තරුණයත් ඉන්නවා. හැදුනුම්පත දුන්නේ නැති වුණාම මේ විදියට වෙඩි තියෙන එක හරි නෑ කියලා තමයි සමහරුනම් කියන්නේ.

ඒත් කළු ජාතිකයන්ට මේ විදියට සලකන එක ගැන ගොඩදෙනෙක් ඉන්නේ කනස්සල්ලෙන් කියලා විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තියෙනවා.

මොකද මේ සිද්ධියට දවස් කීපයකට කලින් තවත් කළු ජාතිකයෙක් පොලිස් නිලධාරියෙකුගේ අතින් වෙඩිකාලා මැරුණු එක ගැනත් ගොඩ දෙනෙක් එක එක කතා කීවේ පොලිසිය වැරදි කියලා පෙන්නලා දීලා.


සිද්ධිය ලයිව් දුන්නු තරුණියගේ වීඩියෝව තමයි මේ.....





Girlfriend Live Streamed Her Boyfriend Shot By Police on FB

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෙම්වතාට වෙඩි වදිනවා ලයිව් ෆෙස්බුක් එකට දාපු පෙම්වතිය"

    Post a Comment