08 July, 2016

රණ්ඩුවක් මැද අභිරහන් ලෙස මිය ගිය සිසුවා

9 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අත්භූත ලෙස මියයෑමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙම සිසුවා තවත් යහළුවන් දෙදෙනෙකු සමග අමතර පංතියකට ගොස් දිල්ලියේ ඇති ආපනශාලාවකට පැමිණ තිඛෙනවා.

එහිදී රාජත් නම් මෙම සිසුවා ආපනශාලාවේ අයිතිකරු හා ඔහුගේ පුතා සමග බහින්බස් වීමක් ඇතිවෙලා.

මෙම ආරවුල දුරදිග ගොස් රාජත් සමග සිටි ඔහුගේ මිතුරන් දෙදෙනාත් මේ ආරවුලට සම්බන්ධ වී තිඛෙනවා.

පසුව එක්වරම මෙම සිසුවා සිහිසුන්වී බිම ඇදවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉක්මනින්ම ඔහුව රෝහලක් වෙත ගෙනගියද ඒ වනවිටත් ඔහු ජීවිතයෙන් සමුගෙන තිඛෙනවා.

මෙම සිසුවාගේ මරණ පරීක්ෂණය කළ වෛද්‍යවරු පවසා ඇත්තේ රාජත්ගේ සිරුරේ කිසිඳු අභ්‍යන්තර තුවාලයක් හෝ පහරදීමක් ගැන කිසිඳු සලකුණක් නොමැති බවයි.

තවද මරණය සිදුවීමට තරම කිසිවක් සිදුවී නැති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිඛෙනවා.

මේ සම්බන්ධව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙය අත්භූත මරණයක් බවයි. මොහුගේ පියානම් කියන්නේ තම පුතාට පහරදීමක් සිදුව ඇති බවයි.


During the fight, the student who died mysteriously

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රණ්ඩුවක් මැද අභිරහන් ලෙස මිය ගිය සිසුවා"

    Post a Comment