ජීවිතේ අහිමිවීම් ගොඩක් මැද ඉස්සරහට යන, ලස්සනට ජීවත් වෙන අරුම පුදුම මිනිස්සුත් ඒ අතරම ඉන්නවා කියන එකත් අමතක කරන්න හොඳ නෑ..
අපි එහෙම කියන්න හිතුවේ ඒ විදිහේ කෙනෙක් ගැනත්, ඔහුගේ ජීවිත ගීතයට ආදර”ය තනුවක් එකතු කරපු තරුණියක් ගැනත් පසුගිය දවස්වල කවුරු කවුරුත් කතාවුණු නිසා.
ඔහු නමින් මධුරංග ජයරත්න.
මධුරංග කිව්වම රටේ හුගක් අයට ඔහුව මතකයට නැගේවි.. ඒ ඔහු මියුරු හඩින් ගීත ගායනා කරන්න පුළුවන් ගායකයෙක් වීම නිසා.
මධුරංග මෙලොව එළිය දකින්නේ උපතින්ම, පාද දෙකත් එක් අතකුත්, ඉතිරි අනෙක් අතේ ඇගිලි තුනකුත් අහිමිව.
ඒ අහිමිවීම් නිසා ජීවිතේ ඉස්සරහට යන ගමන නතර නොකරපු මධුරංග තමන්ගේ තියෙන ගීතමය හැකියාවෙන් රසික හදවත් පිනවන්නේ තරුණ සේවා සභාව මගින් දියත් කළ ගීත ගායනා වැඩසටහනකදී දෙවැනි තැන හිමිකර ගනිමින්.
ආබාධිත තත්ත්වයකින් ජීවිතේ එක්ක සටන් කරන්න වුණු මධුරංග පදිංචි වෙලා ඉන්නේ කූරුවමුල්ල වතුරුගම තියෙන ගෙදර.
ආදරේ කියන්නේ ජීවිතයක් ජීවිත් කරවන්න උවමනාම දෙයක්. ප්රසංගවලත්, වේදිකාවෙත් තම හැකියාවන් ඔප්නංවන මධුරංගට ජීවිතේ ලස්සන කරන ආදරවන්තියක් හමුවෙනවා.
මුදලට, ලස්සනට ආදරේ වෙනස් වෙන, ආදරේ හිමිවෙන මේ ලෝකේ මධුරංගගේ හදවතට ආදරේ කරපු මේ සොඳුරු තරුණිය ඔහුට හමුවන්නේ ෆෙස්බුක් ගිණුම හරහා.
large;">
Popular Singer Maduranga Jayarathne Love Story
කෙමින් කෙමින් වැඩුණු ඒ ආදර කතාව විවාහය දක්වාම දිගහැරෙන්නේ ඔවුන්ගේ හදවතේ සොදුරු බවත් අවංක බවත් මනුස්සකමත් පෙරට ගෙනඑමින් පසුගිය දිනක මධුරංගත් මේ සොඳුරු තරුණියත් අතිනත ගෙන තිබුණා.
ඒ විදිහට මධුරංගගේ ජීවිතේට ආලෝකයක් ගෙනාපු අනෝමා නිලන්ති තමන්ගේ උතුම් ආදරය නොවෙනස්ව හැමදාවත් මධුරංගට දෙනවා කියලත් එයාගේ ඉස්සරහ බලාපොරොත්තු ගැනත් අපිත් එක්ක කිව්වා.
නොලැබීම් නිසා ජීවිතයෙන් පැනලා යන, සැප සම්පත් හොයගෙන, ආදරය හැරයන මිනිස්සු ඉන්න ලෝකයක සොඳුරු ආදරයක් හොයාගෙන ආපු අනෝමා නිලන්තිත්, සංගීත හැකියාවෙන් ජීවිතය ජයගන්න වෙරදරන මධුරංගටත් සුබ මංගලම්.
Share this
|
|
0 Comment to "රුවට නොව හදවතට පෙම් බැඳ මියුරු හඬින් රටක් වශීකළ මධුරංගගේ හිතගත්ත ෆෙස්බුක් ආදර අන්දරය"
Post a Comment