13 July, 2016

වෛද්‍ය පෙම්වතිය සමග එක් වෙන්න බැරි තැන සමුගන්න ම`ග සෙවූ චමින්ද

කොච්චර හයිය හදවතක් වුණත් පුංචි වෙලාවකදි වෙනස් කරන්න ආදරේට පුලුවන්.

ඒ නිසාම ගන්න සමහර හදිස්සි තීරණ වලින් ගොඩ දෙනෙක් මේ ලෝකේ දාලා යන්නේ එයාලා වෙනුවෙන් බලන් හිටපු හැමෝටම කඳුලක් දීලා.

ඒ විදියේ අවාසනාවන්ත සිදුවීමක් අපිට අද (11) ආරංචි වුණා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ පොල්ගහවෙල පැත්තේ.

පණටත් වඩා තමන්ගේ පෙම්වතියට ආදරේ කරපු මේ තරුණයාගේ නම චමින්ද. ඔහුගේ පෙම්වතිය ඉන්නේ කඩවත පැත්තේ.

ඇය වෛද්‍යවරියක් විදියට සේවය කරනවා.

දෙන්නාගේ ආදරේට ආපු මොකක්දෝ බාධාවක් නිසා ඔවුන් පහුගිය දවස මුණගැහිලා මේ ගැන කතා කරන්න හිතාගෙන ඉඳලා තියෙනවා.

ඉතින් චමින්දත් පෙම්වතිය හම්බවෙන්න ගිහින්.

ඒ වෙලාවේ සිද්ධ වුණේ මොකක්ද කියලා තාම කවුරුත් දන්නේ නැති වුණත් ඇය එක්ක කතා කර කර ඉඳලා චමින්ද හවස 6ට විතර පොල්ගහවෙල පැත්තට ඇවිත් තියෙනවා.

තිබ්බ ප්‍රශ්න නැතිවෙන්න කියලා හිතාගෙනද කොහෙදෝ මත් වෙන්න බීපු චමින්ද ජීවිතේ ගැන තීරණයක් අරන් තිබුණේ කාත් කවුරුත් දන්නේ නැති වෙලාවක.

ආදරේ ගැන, පෙම්වතිය ගැන, ගෙදර දෙමව්පියෝ යාළුවෝ ගැන හිතපු චමින්ද රෑ 12ට විතර යාළුවෙකුගේ ෆෝන් එකකට මැසේජ් එකක් දාලා තිබුණා.

ඒ තමන් ආයේ කවදාවත් එන්නේ නෑ කියලා.

ජීවිතේ එපා කියලා ඔහු කලේ දුම්රියට පැනලා ජීවිතේ නැති කරගත්ත එක.

ඊට කලින් ඔහු ෆෙස්බුක් ගිණුමෙත් සටහනක් දාලා තිබුණේ 'මගේ යාළුවනේ මම අදින් පස්සේ එෆ්.බී. එනේනේ නැතුව නවතිනවා, ඔයාලා හැමෝටම සුභ අනාගතයක්' කියලා.

හදිස්සියේ දැම්ම මේ ස්ටේටස් එක ගැන යාළුවෝ ප්‍රශ්න කරලා තිබුණේ ඇයි ඔයාට මොකද වුනේ එකපාරටම කියලා.

ඒකට පිළිතුරු දුන්නු චමින්ද කියලා තිබුණේ 'මේ දේවල් වලට පිළිතුරු දෙන්න දැන් වෙලාව නෙවෙයි, හෙට එන්න අපේ ගෙදර මගේ මළගෙදරට' කියලා.

හොඳට හිටපු මේ තරුණයා හදිස්සියේ මේ වගේ තීරණයක් ගත්තේ ඇයගේ පෙම්වතියගේ ප්‍රශ්නයක් නිසා කියලයි යාළුවෝ නම් කියන්නේ.

ඒ වගේම තරුණියට වෙනත් අයෙකුව විවාහ වෙන්න යෝජනා කරලා තිබුණු නිසා ඒකට හිත් අමනාපෙන් මේ දේ කරගන්න ඇති කියලා යාළුවෝ කියනවා.


Guy Suicides After Break Love Affair

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වෛද්‍ය පෙම්වතිය සමග එක් වෙන්න බැරි තැන සමුගන්න ම`ග සෙවූ චමින්ද"

    Post a Comment