12 July, 2016

ආදරණීය කතාවක් ගැන අධිකරණයෙන් පාඩමක්

දුම්කොළ හා මද්‍යසාර ප්‍රවර්ධනය වන අයුරින් දර්ශන ඇතුළත් ආදරණීය කතාවක් චිත්‍රපටය තිරගත කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (12) ප්‍රතික්ෂේප කළා.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසූයේ දුම්කොළ හා මද්‍යසාර අධිකාරි පනත යටතේ හෝ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ වාරණ නියෝගයක් නිකුත් කිරීමට විධි විධාන නොමැති බවයි.

නිර්මාණ කෘතියක් තහනම් කරනු ලැබුවහොත් නිර්මාණකරුවා නිර්මාණකරනයේ නිරතවීමට අධෛර්යමත් වෙන බවත් අතිරේක මහේස්තාත්වරයා දන්වා සිටියා.

හුදකලා දර්ශන කිහිපයක් දෙස බලා අදහස් ප්‍රකාශ කරනවාට වඩා සමස්ථ නිර්මාණයම රසවින්දනයට නතු විය යුතු බවත් අධිකරණයේදී ප්‍රකාශ කළා.

චිත්‍රපට අධ්‍යක්ෂක හා නිෂ්පාදක, ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක, රැ`ගුම් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක යන සිවු දෙනාට මෙම චිත්‍රපටයේ සී.ඩී. තැටියක් නාරාහේන්පිට පොලිසියට ලබා දෙන ලෙස කළ නියෝගයට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් මේ මස 29 වැනිදා හේතු දැක්වීමට කටයුතු කරන ලෙසද දන්වා ඔවුන්ට නොතීසිද නිකුත් කළා.




Lesson in court of 'Adaraneeya Kathawak'

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආදරණීය කතාවක් ගැන අධිකරණයෙන් පාඩමක්"

    Post a Comment