06 July, 2016

කාන්තා ගණිකාවන්ද පරදවන පිරිමි ගණිකාවන්

මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුනගේ සේවය ලබාගන්නා සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන පිරිමින් අතර ලිංගාශ්‍රිත රෝග පැතිර යෑමේ අවදානම ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු පවසනවා.

මේ වන විට මෙරට කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක්‌ මෙම කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ට පවතින බව අනාවරණය වී ඇති අතර ඔවුනගේ සේවය විවාහක අවිවාහක පිරිමින් ද ලබාගන්නා බව ඔවුහු පෙන්වා දෙනවා.

වීථීවල ලිංගික ශ්‍රමය අලෙවි කරනු ලබන මෙම කාන්තාවන් බවට පත් වූ පිරිමින්ගේ සංඛ්‍යාව කාන්තා ලිංගික ශ්‍රමිකයන්ට වඩා වැඩි වී ඇති අතර ඔවුන්ගේ සේවය ලබාගන්නා පිරිස අතර ඉහළ පැළැන්තියේ කාන්තාවන් ද වන බව අධ්‍යයනවලදී අනාවරණය වී තිඛෙනවා.

මෙම ලිංගික පරිවර්තනයට පත් පිරිමින් කොණ්‌ඩම් භාවිතය ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් ඔවුන් හා ඔවුනගේ ගැනුම්කරුවන් රෝගවලට ගොදුරු වීමේ අවදානම තවත් ඉහළ ගොස්‌ ඇතැයි වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Male Prostitutes Surrounded by Women Prostitutes

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කාන්තා ගණිකාවන්ද පරදවන පිරිමි ගණිකාවන්"

    Post a Comment