06 July, 2016

මැණික් ගඟේ නාලා කකුලක් අහිමි වූ සෝචනීය පුවත

'අපි කතරගම මැණික් ගඟේ දිය නාමින් සිටියදී - මාව කිඹුලෙක් අදිනවා, ඉක්මනින් බේරාගන්න - යැයි නන්දේ අයියා කෑගසද්දී මම පැනලා නන්දේ අයියා ඇදලා ගත්තා. නන්දෙ අයියගේ කඳ කොටස මගේ අතේ, කකුලෙ කොටසක් කිඹුල් කටේ'.

යැයි මැදිරිගිරියේ සිට කතරගම දන්සැලක් සඳහා පැමිණි ශාන්ත රාජපක්ෂ බිහිසුණු සිද්ධිය අප හා එසේ විස්තර කළේය.

පෙරේදා (04) රාත්‍රී කතරගම මැණික් ගඟේ අංක 03 පාලම අසල දිය නාමින් සිටියදී කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ මැදිරිගිරිය, දිවුලන්කඩවල, විහාරගම පදිංචි 69 හැවිරිදි එක්දරු පියෙකු වූ නන්ද බණ්ඩාර නැමැති අයෙකි.

මැදිරිගිරිය, ඇසළ දන්සැල් සමිතියේ 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමග ඔහු කතරගම පෙරහැර සමයේදී වන්දනාවේ හා පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ට බත් දන්සැලක් පැවැත්වීමට විශාල ලොරියක බඩුමුට්ටු පටවාගෙන කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පැමිණ ඇත්තේ පෙරේදා සවස 03.30ට පමණ වේ.

'කතරගම මැණික් ගඟේ දිය නාමින් සිටියදී නන්දෙ අයියා කෑගසද්දී අපිත් සමග ගිය ගැහැණු පිරිස මරහඩ දී කෑගසද්දී මම නන්දෙ අයියා බේරගන්න උත්සාහය අතඇරියේ නැහැ.

එතැන සිටි තවත් පිරිමි කිහිපදෙනෙකුම අපේ කෑගැහිල්ලට දියට පණින විටත් කිඹුලාගෙන් නන්දෙ අයියා මම බේරගෙන.

වතුරෙන් ගොඩට ගන්න විට කකුලෙන් කොටසක් නෑ. එතන එකම විලාපයක්, ලේ විලක්.

අපිට උදවු වුන අය ලෙඩා වහාම රෝහලට ගෙන ගියා. මේ සිද්ධිය මතක් වෙනකොටත් මරබියක් ඇතිවෙනවා', යැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.

රෝගියා කතරගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථීකාර සඳහා තිස්සමහාරාම මූලික රෝහලටත් එතැනින් හම්බන්තොට රෝහලටත් මාරු කිරීමෙන් පසු ශල්‍යකර්මයකට ලක්කර නේවාසිකව ප්‍රථීකාර ලබන බව පැවසේ.


Lost a Leg at Kataragama Menik River

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මැණික් ගඟේ නාලා කකුලක් අහිමි වූ සෝචනීය පුවත"

    Post a Comment