06 July, 2016

පෘථිවියෙන් හමුවූ අඟල් 6 පිටසක්වල ජීවියාගේ නිවස අඟහරුගෙන් මතුවෙයි


2003 ඔක්තෝම්බර් මස 19 වන දින චිලී හි ඇටකාමා කාන්තාරයෙන් අගල් 6 පමණ උස් වූ මිනිස් ස්වරූපයට සමාන ස්වරූපයක් ඇති ජීවියෙකුගේ ඇටසැකිල්ලක් සොයා ගැනීමට ඔස්කාර් මුනෝස් නම් පුද්ගලයෙකු සමත් වී ඇති බව වාර්තා වෙනවා.

කොහොම හරි එවකට ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම පුවත විශාල කතා බහකට ලක්වුණා.

බොහෝ දෙනෙකු පැවසුවේ මෙය පිටසක්වල ජීවියෙකුගේ විය හැකි බවයි.

එම සිදුවීමට අදාල වීඩියෝ පටය පහතින් නරඹන්න.

 

ඉන් වසර 13ට පසුව එනම් පසුගිය ජූනි මස 29දා අගහරු මත පරීක්ෂණ කටයුතු වල නිරත වී සිටින නාසා අයතනය යැවූ Spirit Rover යානය නිකුත් කළ ඡයාරූපයක් සමගින් නැවතත් මෙම කතා බහ කරළියට පැමිණ තිඛෙනවා.

Spirit Rover යානය නිකුත් කළ මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අගල් 6ක දොරක් වැනි කවුලුවක් ඇති, බැලූ බැල්මට නිවසක් යැයි කිව හැකි යමකුයි.

එම ඡායාරූප පහතින්.







නාසා යානය මෙසේ මෙම නිවස අසළ පරීක්ෂණ කටයුතු වල නිරතව සිටින විට මෙම නිවසේ හිමිකරු යැයි සිතිය හැකි අගල් 6 පමණ වන ජීවියෙකු යානය දෙස ඔත්තු බලමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වන විට අන්තර්ජාලය වෙත නිකුත් වී තිඛෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


කෙසේ වෙතත් මෙම විශ්ලේශකයන් පවසන්නේ මෙම ඡායාරූප හා ඇටකාමා කාන්තාරයෙන් හමුවූ ඇටසැකිල්ල හා පැහැදිලි සම්බන්ධයක් තිබිය හැකි බවයි.

6 Inches Aliens Home, Meets At Mars Planet

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෘථිවියෙන් හමුවූ අඟල් 6 පිටසක්වල ජීවියාගේ නිවස අඟහරුගෙන් මතුවෙයි"

    Post a Comment