13 June, 2016

මරාගෙන මැරුණු කට්ටඩියා සහ කාන්තාව අතර විශේෂ අමුතු සම්බන්ධයක්

පුවත්පත් සහ වෙබ් අඩවි කියන කතා

කොස්වත්ත පොලිසිය අසළදී පසුගිය 09දා කට්ටඩියකු විසින් අත්බෝම්බයක් පුපුරවා ගැනීමෙන් ඔහු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ සම්බන්ධයෙන් විශේෂාංග ලිපි පලකරන සති අන්ත පුවත්පත් සහ වෙබ් අඩවි මරාගෙන මැරෙණ මෙම සිදුවීම ගැන වාර්තා කරන්නේ මෙලෙසිනි.

---------------------------------------

අත්බෝම්බය පුපුරවාගත් කට්ටඩියා හිටපු හමුදා සෙබළෙකි.

යහමින් මුදල්, ඉඩකඩම් හිමි බව කියන මේ සිව්දරු මවට ඉඩම් පලහිලව්වක්‌ තිබී ඇත.

එහි අවුල් නිරවුල්කොට ඉඩම ඉහළම මිලකට විකුණා දැමීමට මේ කට්‌ටඬිකම කළ කට්‌ටඬියා උදව් උපකාර කර ඇත.

කට්ටඩියාගේ මේ මරාගෙන ප්‍ර‍හාරයට හේතු දෙකකි.

එකක්‌ ඉඩම් විකුණා පොරොන්දු වූ බ්‍රෝකර් ගාස්‌තු නොදීමය.

දෙවැන්න මේ දෙදෙනා අතර තිබූ 'විශේෂ අමුතු සම්බන්ධය' යෑයි ගම්මු කියති.

-------------------------------

ජාතික පුවත්පතක් එසේ වාර්තා කරද්දී තවත් වෙබ් අඩවි කිහිපයක් හුවා දක්වා ඇත්තේ.

තමන්ට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතිවූ බව පසක් කරගත් ඔහු මරාගෙන මැරෙන්නට තීරණය කර ඇත්තේ ඉන් පසුවය.

පොලිසිය ඒ බවට ඔහු ලියූ දීර්ඝ ලිපියක්ද සොයාගෙන තිබේ.

එම ලිපියේ 'නයනී' යන ආදර නාමයෙන් ඇය ගැන සටහන් කර තිබුන අතර ඇය ඔහුට මේ දේවල් සියල්ල සිදුවන්නට බලාපොරොත්තු ඇතිකර තිබුණ බව දක්වා ඇත.

'අපි දෙන්නා අතර සම්බන්ධය දන්නේ අපිම තමා' යනුවෙන්ද එහි දක්වා ඇත.

------------------------------------

තවත් ජාතික පුවත්පතක් මෙම සිදුවීම වාර්තාකර තිබුණේ මෙලෙසිනි

බුද්ධිකා නිලංගනී නමැති කාන්තාවගේ සැමියා අනියම් සම්බන්ධතාවක්‌ හේතුවෙන් ඇගෙන් වෙන්වී ඇත්තේ මීට වසර 4 කට පමණ උඩදීය.

සැමියාගේ අනියම් සම්බන්ධතාව නතර කිරීම සඳහා බුද්ධිකා නිලංගනී මුල්ලේරියාව ප්‍රදේශයේ කට්‌ටඬියකුගේ සහාය ලබා ගැනීමට ගොස්‌ ඇත.

එහිදී කට්‌ටඩියා බුද්ධිකා සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනගා ගැනීමට උත්සාහ කර ඇති අතර ඇය ඊට කැමැති වී නැත.

පසුගිය දිනක රාත්‍රීයක බුද්ධිකාගේ නිවසට ඇතුළු වූ කට්‌ටඬියා පිහියක්‌ පෙන්වා ඇය බියට පත්කර අනියම් සම්බන්ධතාවක්‌ ගොඩන`ගා ගැනීමට අවශ්‍ය බව කියමින් තර්ජනය කර ඇත.

පසුව මෙම කාන්තාව ඒ පිළිබඳව තලංගම පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ.

අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (09) පෙරවරු 11.00 ට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස කට්‌ටඬියාට තලංගම පොලිසිය මගින් දැනුම් දී තිබිණි.

ඒ අනුව බුද්ධිකා නමැති කාන්තාව සිය ඥති කාන්තාවක සහ ඇගේ දියණියද සමඟ ඊයේ පෙරවරු 10.30 ට පමණ තලංගම පොලිසියට ගොස්‌ තිබේ.

ඒ අවස්‌ථාවේ පැමිණ ඇති කට්‌ටඩියා අත්බෝම්බයක්‌ ගෙන එම කාන්තාව වෙත කඩා පැන එය පුපුරුවා හැර ඇත.



Strange relationship of suicide man and woman at Koswatta

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මරාගෙන මැරුණු කට්ටඩියා සහ කාන්තාව අතර විශේෂ අමුතු සම්බන්ධයක්"

    Post a Comment