18 June, 2016

දිවිනසාගැනීම් වලට ෆෙස්බුක් එකෙන් අලුත් වැඩක්

ජීවිතේ මුහුණදෙන විවිධ ප්‍රශ්න නිසා සමහරක් අය සියදිවි හානි කර ගනිමින් ඒ ප්‍රශ්න වලින් හරි ඉක්මනට මිදිලා යනවා.

ඒත් විනාඩියකට හරි එහෙම සියදිවි හානි කර ගන්න ඉන්න කෙනෙක්ගේ මානසිකත්වය වෙනස් කරගන්න පුළුවන් නම් ඒකෙන් ලොකු දෙයක් එයාගේ ජීවිතයට ලැඛෙන්න පුළුවන්.

ඉතිං ඒ ගැන හිතලා ‍ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අලුත් ඇප් එකක් හදුන්වලා දීලා තියෙනවා.

හැබැයි ඒක තාම වලංගු වෙන්නේ ඇමෙරිකාවට සහ ඉන්දියාවටයි.

මෙ හදුන්වාදීමක් වශයෙන් තමයි අදාළ රටවල් දෙකෙන් මේ වැඩේ පටන් අරන් තියෙන්නේ.

හැබැයි අමතක කරන්න එපා ශ්‍රී ලංකාව සියදිවි හානි කර ගැනීමේ ලැයිස්තුවේ ඉන්නේ සිව්වැනි ස්ථානයේ නිසා අපේ රටටත් ළගදීම මේ ඇප් එක එන්න ඉඩ තියේවි.

හරි මේ ඇප් එකෙන් වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා ඉන්නම්කෝ.

ජීවිතේ ගැන ලොකු කලකිරීමකින් ඉදන් සියදිවි හානි කර ගැනීමට ඉන්න කෙනෙක්ගේ මානසිකත්වය මේ ඇප් එක හරහා පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුළුවන්.

ඒකට හේතුවන පුංචි පුංචි දේවල් මේ ඇප් එකෙන් ප්‍රශ්න විදිහට අහනවා.

ඒ හරහා තමන්ගේ ජීවිතේ වටිනාකම ගැන එයාලා කියාදෙනවා.

මේ වැඩේ පටන් ගත්තේ පහුගිය පෙබරවාරි මාසයේදීයි.

ෆෙස්බුක් ඇප් එක ගැන බොලිවුඩයේ සුපිරියේ නිළියක් වන දීපිකාත් කථා කළා.

ඒකට හේතු වුනේ පහුගිය අවුරුද්දේ ඇයත් සියදිවි හානි කර ගන්න තරමට ඉතා දරුණු මානසික පීඩනයකින් පසුවුන නිසා කියලා ඇය ඇගේ නිල ට්විටර් ගිණුම හරහා කියලා තියෙනවා.

මේ ඇප් ඇත්තටම සියදිවි හානි කරගන්න ඉන්න කෙනෙක්ට ක්‍රියාකරවලා බලන්න නම් වටින එකක් කියලයි ඇය වැඩිදුරටත් කියන්නේ.


wms lshmq wema tfla PdhdrEm lsysmhla my;ska n,kak'








Facebook Help A Friend in Need App

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දිවිනසාගැනීම් වලට ෆෙස්බුක් එකෙන් අලුත් වැඩක්"

    Post a Comment