මැයි දිනෙන් පස්සෙ ආණ්ඩුවෙ ඇමැති කුට්ටම අනනව කියලා ලොකු කතාවක් ගියා.
ඉතින් ඒ දින වකවානු ගෙවීගියාට පස්සෙ තවත් ආරංචියක් ගියා ඇමැති තනතුරැ වෙනස් නොකර ගැසට් මගින් විෂයයන් පමණක් වෙනස් කරනව කියලා...
ඒ ආරංචියටත් බාලගිරි දෝෂය ලැබුව... දැන් යන අලුත්ම කතාව තමයි කෙරෙන්න කියන කැබිනට් වෙනස්කම් සැප්තැම්බර් මාසෙ එක දිනේකින් පස්සෙ සිද්ධවෙනව කියන එක...
මේ දිනේට පෙර වෙනස්කම් කරන්න එපා. එහෙම කළොත් ප්‍රශ්න ගොඩයි කියලා රජයට උපදෙස් දුන්නෙ ආණ්ඩුවෙම ඉහළ පට්ටමක් දරන ජ්‍යොතිෂ කෙනෙක්ලු..
අනෙක් සාත්තර වගේම ඒකත් ඉහළ අය පිළිගත් නිසා අලුත් කැබිනට්ටුවක් හැදෙන්නෙ සැප්තැම්බරේ කියලා කියනවා.
large;">මේ පාරත් වෙනස්කම් බලාපොරොත්තු වුණ අයට එතකන් ඉන්න වේවිලු.

Cabinet change
කෝට්ටෙ අචාර්යතුමාටත් මාතර යාපා කෙනෙකුටත් බස්නාහිර තවත් කෙනකුටත් මෙවර අලුතින් කැබිනට් වාසනාව උදාවෙන බව ආරංචියි...

Cabinet change
Share this
|
|
0 Comment to "කැබිනට් වෙනස"
Post a Comment