09 September, 2017

විස්සයි විස්ස තරඟයේදී සිදු වූ කාසියේ වාසියේ අවුලේ ඇත්ත නැත්ත ගැන තරංග මාධ්‍යට කියයි

TITLE

පසුගියදා ඉන්දියාවට ජය ගෙනදෙමින් නිමාවූ විස්සයි විස්ස තරඟයේදී කාසිය වාසිය සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුණා. එහිදී කියැවුණේ කාසිය වාසිය ශ්‍රී ලංකාව දිනා තිබුණත් වැරදීමකින් එය ඉන්දියාව ජයගත් බවට ප්‍රකාශ වුණු බවයි.

කාසිය වාසිය උරගා බලන අවස්ථාවෙදී මේ පිළිබඳව සැක මතුකරන අයුරින් විනිසුරුවරයා හැසිරීමද කාගෙත් කතාබහට ලක්වුණා. කෙසේ නමුත් මේ වනවිට උපුල් තරංග විසින් පවසා ඇත්තේ විවිධ මාධ්‍ය වාර්තාවල දැක්වෙන ලෙසින් එම අවස්ථාවේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට නොලැබුණු බවයි.

ඉන්දීය මාධ්‍ය විසින් වාර්තාකර තිබූ පුවත වැරදි බවත් එය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිද වාර්තා කර තිබූ ලෙසින් කිසිදු වැරැද්දක් කාසියේ වාසිය උරගා බලන අවස්ථාවෙදී සිදු නොවූ බව තරංග වැඩිදුරටත් පවසා තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විස්සයි විස්ස තරඟයේදී සිදු වූ කාසියේ වාසියේ අවුලේ ඇත්ත නැත්ත ගැන තරංග මාධ්‍යට කියයි"

    Post a Comment