02 September, 2017

කැංගරුවාගේ ගෙල සිඳි පුද්ගලයා අත්අඩංගුවට ගනී

chinese-man-stabs-kangaroo-throat

ඔස්ට්‍රේලියාවේදී, තුවාල ලබා සිටි කැංගරු සත්වයෙකු ගෙල සිඳ ඝාතනය කර ඇති දර්ශනක් සමාජජාල අඩවියක ප්‍රසිද්ධ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

ආගමික චාරිත්‍රයක් සිදුකරන ආකාරයෙන් මෙම කැංගරුවාගේ ගෙල එම පුද්ගලයා සිඳින විට, අසල සිටි පිරිස් සිනහ වන හඬද එම වීඩියෝවේ දැක්වෙයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නම සඳහන් නොකළද, ඔහු 43 හැවිරිදි අයෙකු බව ඔස්ට්‍රේලියානු පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, විශේෂයෙන් ආරක්ෂා කිරීමට බැඳී සිටින මෙවැනි සත්වයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පැවරෙන බවද වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීහු පවසති.

මේ අතර, අදාල පුද්ගලයාගේ නිවසේ තිබී කැංගරුවාගේ ගෙල සිඳීමට යොදාගත් පිහිය සහ ගිනි අවියක්ද පොලීසිය භාරයට ගෙන ඇත.

මේ අතර, එරට වනජීවි නිලධාරීන් පවසා සිටියේ අදාළ සිදුවීම අතිශය කෘර සිදුවීමක් බවයි.

වික්ටෝරියානු නීතිය යටතේ මෙම පුද්ගලයා වරදකරු වුවහොත් ඔහුට වසර දෙකක සිරදඬුවමක් හා ඇ.ඩො.30,000ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.(නරේන් විශ්වජිත් - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කැංගරුවාගේ ගෙල සිඳි පුද්ගලයා අත්අඩංගුවට ගනී"

    Post a Comment