01 September, 2017

2019 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අහිමි වෙයි

sri-lanka-cricket-team

ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.

ඒ, ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ ඊයේ පැවති සිව්වැනි තරගය ද පරාජය වීමත් සමගිනි.

ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ තරග 2 ක් ජය ගැනීමට සමත් වූයේ නම් ශ්‍රී ලංකාවට එළැඹෙන 2019 ක්‍රිකට් ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිව තිබුණි.

කෙසේ නමුත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ තරගාවලියේ සිව්වැනි තරගය ශ්‍රී ලංකාව පරාජය වීමත් සමග එම අවස්ථාව අහිමි වූ බව ය.

ඒ, අනුව 2019 ක්‍රිකට් ලෝක කුසලානයට එක්වීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්විය යුතු වේ.

කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම රැස් කළ ලකුනු 375ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 207ක් පමණි.

ඉන්දීය කණ්ඩායම තරග 4ට 0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටී. (නිව්ස්ෆස්ට්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "2019 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අහිමි වෙයි"

    Post a Comment