03 August, 2017

ශ්‍රී ලංකා පිල ඉන්දියාවේ සම්පූර්ණ සංචාරයක

SL - Cricket - Team - Test

මෙම වසර අවසානයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 3 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි:20 සමන්විත සම්පූර්ණ තරගාවලියකට මුහුණ දෙයි. මෙම සංචාරයේ ටෙස්ට් තරග තුන නවදිල්ලිය, කොල්කටා සහ නාග්පූර්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව එරෙහිව පැවැත්වන තරගාවලියට පොරතුව තවත්තරගාවලි දෙකකට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිල සහභාගි වෙයි. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සමගින් පිට පිට තරගාවලි තුනක් සිය මව් රටේදී පැවැත්විමට ඉන්දියාව මේ වන විට කටයුතු සුදානම් කරමින් පවතී. එහිදී ඉන්දියාව වැඩිපුර අවධානය යෙමුකර ඇත්තේ එක්දින සහ විස්සයි:20 තරග කෙරෙහිය.

මෙම තරගාවලි තුනේදීම පැවැත්වෙන ටෙස්ට් තරග සංඛ්‍යාව 3 කි. ඒ තරග තුනම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙයි. ශ්‍රී ලංකාවට, ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහිව එක්දින තරග 11 ක් සහ විස්සයි:20 තරග 9 ක් පැවැත්වේ.

ඕස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට පසු එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් සදහා නවසිලන්තය, ඉන්දියාවට පැමිණීමට නියමිතය අතර එම තරගාවලියෙන් පසුව ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා යෑමට නියමිතව ඇත.

මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතවන ඉන්දියාව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයට හෙට (03 වැනිදා) සහභාගී වන අතර ටෙස්ට් තරගාවලියෙන් පසුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලියකට සහ එක් විස්සයි20 තරගයකට සහභාගී විමට නියමිතව ඇත.

පෙර සකස් කළ තරග කාල සටහනට අනුව ශ්‍රී ලංකාව සමගින් පූර්ණ තරගාවලිය පැවැත්විමට නියමිතව තිබූණේ ලබන වසරේ මාර්තු මාසයේදීය. එහෙත් ශ්‍රී ලංකාව එම කාල වකවානුවේදී නිදහස් කුසලාන තරගාවලිය පැවැත්වීමට කටයුතු යෙදිම හේතුවෙන් තරග කාල සටහන වෙනස් කරමින් තරගාවලිය ඉදිරියට ගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

“ශ්‍රී ලංකාව සැමවිටම ඉන්දියාව සමගින් සහයෝගයෙන් ක්‍රියා කරන අතර, එමනිසා අන්න්‍යොන්‍ය සහයෝගීතාව වැඩිකර ගැනිමට කෙටි සංචාරයක් සදහා නිදහස් කුසලානයට සහභාගීවිමට නියමිත බව” ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ලේකම් අමිතාබ් චෞද්‍රී වාර්තා කරුවන් අමතා පැවසීය.

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරගාවලියෙන් පසුව පූර්ණ තරගාවලියක් සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්වීමට නියමිතය.

කාලසටහන -
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග
එක්දින තරග - චෙන්නායි, බැංගලෝර්, නාග්පූර්, ඉන්ඩෝර් සහ කොල්කටාහිදී
විස්සයි20 තරග - හයිඩ්‍රාබාද්, රංචි සහ ගුවහටිහිදි

නවසීලන්තය -
එක්දින තරග - පූනේ, මුම්බායි සහ කාන්පූර් හිදි
විස්සයි20 තරග - දිල්ලි, කටාක් සහ රාජ්කොට්හිදී

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග -
ටෙස්ට් තරග - කොල්කටා, නාග්පූර් සහ නවදිල්ලියේදී
එක්දින තරග - ධර්මශාලා, මොහාලී සහ විශාකාපට්නමහිදී

විස්සයි:20 තරග - කෝචී හෝ තිරුවනාන්තපුරම්, ඉන්ඩෝර් සහ මුම්බායි හිදී (කෙළිමඬල)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්‍රී ලංකා පිල ඉන්දියාවේ සම්පූර්ණ සංචාරයක"

    Post a Comment