04 August, 2017

එකම බෙහෙත කවර ගනණක දමා "උදේ - හවස - රෑ" බොන්න දෙන මාතර මහ රෝහල?

Matara General Hospital Drugs

රෝගී තරුණියකට මාතර මහ රෝහලෙන් ඖෂධ ලබා දුන් ආකාරය ගැන පවසමින් ෆේස්බුක් සමාජ ජාලය වෙත ඉදිරිපත් කර තිබූ සටහනක් අප වෙත ලැබී තිබෙනවා.


එහි දැක්වෙන්නේ යම් රොගී තත්වයන් දෙකකට ඖෂධ ලබාගැනීමට මාතර මහ රෝහල වෙත ගිය සිය අසල්වාසී තරුණියකට, එකම ඖෂධ වර්ග දෙකක් කවර ගනනාවක දමා උදේ - දිවා - රාත්‍රී යන තුන් වරුවටම ලබා ගන්නා ලෙස ඇයට ලබා දී ඇති බවයි.

මේ පිළිබඳව සැක සිතූ එම තරුණිය සිය මව හමු වීමට පැමිණ අදාළ ඖෂධ පිළිබඳව විමසූ බවයි එම සටහන එක්කර තිබූ තරුණයා පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව සත්‍ය අසත්‍ය භාවය අපි නොදන්නා මුත් මෙවැනි අතපසු වීම් ඇතැම් විට ජීවිත හානි වලින්ද කෙළවර විය හැකි බැවින් ඔබත් සෑම විටම ඉතාමත් සැළකිල්ලෙන් ඖෂධ භාවිතයට ගන්නා මෙන් අප ඉල්ලා සිටිමු

අදාළ සටහන පහතින්.

"ස්ථනය - මාතර මහ රෝහල
වේලාව - 04.08.2017

අද හවස ගෙවල් ලග අක්ක කෙනෙක් ,මාතර මහ රෝහලට ගිහින් තියෙන්නේ , ඒ අක්කට තියෙන ලෙඩ දෙකකට ප්‍රතිකාර ගන්න... ඒත් ඒ ලැබුන බෙහෙත් ගෙදර ඇවිත් බොන්න බලද්දි එකම බෙහෙත් වර්ග දෙක මේ කවර හැම එකේම දාලා දීලා... ඒ ගැන සැකයක් ඇති උන නිසා, අපේ අම්මට මේවා ගෙනත් පෙන්නුවා , එකම බෙහෙත මෙහෙම තියෙන්නෙ ඇයි කියලා...........?

එකම බෙහෙත් වර්ග දෙක , කවර ගානක , හැම එකේම , උදේ හවස රෑ , බොන්න කියලා තියෙන්නේ. මම දන්න තරමින් පැනඩෝල් උනත් පෙති 2කට වඩා බොන්න හොද නෑ කියලා කියන්නේ ,ඒත් මේ බෙහෙත්......? අධි මාත්‍රාවටත් එහා මෙහෙම බිව්වා නම්.....

වරද ලෙඩේ තීරණය කරපු දොස්තර මහත්තයාගෙද, බෙහෙත් දුන්න හෙදියගෙද කියලා අපි දන්නේ නෑ, ඒත් මේ වගේ වෙන නොසැලකිලිමත් දේවල් නිසා තමයි මේ දවස් ටිකේම මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙව්වේ......

සයිටම් එකට විරුද්දව වැඩ වර්ජන වල අතුරු ප්‍රතිඵල තමයි මේ... මෙවයින් වන්දි ගෙවන්නේ අහින්සක මිනිස්සු, තමන්ගේ ජීවිතෙන්..."

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එකම බෙහෙත කවර ගනණක දමා "උදේ - හවස - රෑ" බොන්න දෙන මාතර මහ රෝහල?"

    Post a Comment