දකුණු අප්‍රිකාවේ සංචාරක හෝටලයකදි දිගු වයරයක් භාවිත කරමින් ඇය මෙසේ 20 හැවිරිදි දකුණු අප්‍රිකානු තරුණියකට පහරදුන්නේ යැයි එම චෝදනා මගින් කියවුණා.
පහර කෑමට ලක්වූ තරුණිය, දකුණු අප්‍රිකානු නිරූපිකාවක වන ගේබ්රියල්ලා එන්ගල්ස් ඇගේ දරුවන් දෙදෙනා සමග ජොහැන්නස්බර්ග් නගරයේ හෝටල් කාමරයක සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී තිබුණා.
‘‘ඇය එක්වරම මගේ කාමරයට ඇතුළු වුණා. ඇගේ අතේ තිබුණු ප්ලග් එකක් සහිත විදුලි වයරයකින් මට පහර දුන්නා. නොනවත්වා පහර දුන්නා. මගේ හිසට තුවාල සිදුවුණා. හැම තැනම ලේ විසිවුණා.“ යැයි මෙම නිරූපිකාව එරට මාධ්‍ය වෙත පවසා
තිබුණා.
කෙසේ වෙතත් ග්‍රේස් මුගාබේ මේ පිළිබඳව කිසිදු නිළ ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, ඇය එරට ජොහැන්නස්බර්ග් පොලිසිය වෙත ඉදිරිපත් වීමට නියමිතව සිටියදි එය මගහැර නැවතත් සිම්බාබ්වේ වෙත පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකානු නිරූපිකාවක වන ගේබ්රියල්ලා එන්ගල්ස්

සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපති රොබට් මුගාබේ සහ බිරිඳ ග්‍රේස් මුගාබේ
කෙසේ වෙතත් ග්‍රේස් මුගාබේ මේ පිළිබඳව කිසිදු නිළ ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, ඇය එරට ජොහැන්නස්බර්ග් පොලිසිය වෙත ඉදිරිපත් වීමට නියමිතව සිටියදි එය මගහැර නැවතත් සිම්බාබ්වේ වෙත පැමිණ තිබෙනවා.


Share this
|
|
0 Comment to "හෝටල් කාමරයකදී ජනප්‍රිය නිරූපිකාවකට වයරයකින් පහරදුන් ජනපති බිරිඳ (Photos)"
Post a Comment