08 August, 2017

හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න - සේවකයන්ටත් 4% ක කොටස්

Colombo Hilton hotel

අයිතිය පූර්ණ වශයෙන් රජය සතු හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම මඟින් පාලනය කෙරෙන කොළඹ හිල්ටන් හෝටලය, රජයේ හිමිකම අවම කරමින් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ඉඩ සැලසිය හැකි රජයට උපායමාර්ගික වැදගත්කමක් නොමැති වත්කමක් ලෙස 2016 අයවැය යෝජනා මඟින් හඳුනාගනු ලැබ තිබේ.

මෙම හෝටලයේ අනාගත සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්‍ සම්බන්ධ කරගැනීම තුළින් පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වෙනු ඇති අතර, රජය සතු අරමුදල් වෙනත් සාමාජයීය හා ආර්ථික වශයෙන් වැදගත් වන කාර්යයන් සඳහා යෙදවීමට හැකි වනු ඇත.

ඒ අනුව, හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගමේ කොටස්වලින් 51%ක් සුදුසු ආයෝජකයකුට පැවරීම පිණිස කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ මණ්ඩලයකදී ලංසු ඉදිරිපත් කිරීම සඳහා තෝරාගත් ආයෝජකයින්ට අවස්ථාව සලසා දීමටත්, සමාගමේ කොටස්වලින් 4%ක ප්‍රමාණයක් එහි සේවකයින් සදහා වෙන් කිරීමටත්, ඉතිරි 45%ක කොටස් ප්‍රමාණය කොළඹ කොටස් හුවමාරුවේදී ස්ථාවර මිලකට විකිණීමටත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. (දෙරණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න - සේවකයන්ටත් 4% ක කොටස්"

    Post a Comment