25 August, 2017

දැරියකට පහර දෙන හැටි දුටු කෝලී සංවේදී වෙයි - ඇය රැකබලා ගැනීමටත් ඉදිරිපත් වෙයි

virat-kohli
පහුගිය දවසක පුංචි දැරියකට පහර දෙමින් ගණම් කියා දෙන වීඩියෝ්වක් අන්තර්ජාලය පුරා සැරි සරන්න පටම් ගත්තා.

ඇත්තටම ඉන්දීය දැරියක් වුන ඇය හඩමින් තම ගණිතය පාඩම හදාරන ආකාරයක් තමයි මේ වීඩියෝවේ අන්තර් ගත වෙලා තිබ්බේ.

කොහොම වුනත් මේ පුංචි දැරියට පහර දෙමින් ගණිතය උගන්වනවා දුටු සුපිරි ක‍්‍රීඩක විරාත් කොලී නම් මේ ක‍්‍රියාවට එකග වෙලා තිබුනේ නැහැ.

ඇත්තටම මේ වීඩියෝව දැකප විරාත් කොලී බෙහෝම සංවේදී වෙලා තිබුනා.

” මේක බෙහෝම දුක්බර දෙයක්. දරුවන්ට ඉගැන්විය යුතු බව ඇත්ත . ඒත් මේ විදියට ඔවුන්ට හිරි හැර කරන්න අයිතියක් නැහැ. මේකට වග කිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි.”

දැඩි හිත් වේදනාවකින් කෝලී මේ විදියට කියලා තිබුනා. ඒ විතරක් නෙමෙයි අවස්ථාව ලැබුනොත් මේ දරුවව රැකබලා ගන්න පවා ඔහු ඉදිරිපත් වෙලා තිබුනා.

ඔහුට අමතරව තවත් තරු රැසක්ම මේ දරුවව රැක බලා ගන්න කැමති කියාල තමන්ගේ ටුවිටර් අඩවිවල සටහන් දාලා තිබුනා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දැරියකට පහර දෙන හැටි දුටු කෝලී සංවේදී වෙයි - ඇය රැකබලා ගැනීමටත් ඉදිරිපත් වෙයි"

    Post a Comment